01 December 2015

DNS නැතිනම් Domain Name Server කියන්නේ..


 

අප අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවියකට පිවිසීමට භාවිතා කරන වෙබ් ලිපින domain එකක් ලෙස හඳුන්වනු ලබයි. උදාහරණයක් ලෙස www.google.lk යනු Google සමාගමේ domain name එකයි.සැබැවින්ම මෙය Google සෙවුම් යන්ත්‍රය අන්තර්ගත Server පරිගනකය හඳුනාගැනීමට භාවිතා කරන නාමයයි.


නමුත් ආරම්භයේදී සඳහන් කල පරිදි පරිගනකයකට මෙවන් අක්ෂර වලින් සැදුම්ලත් නාමයක් තේරුම්ගත නොහැකිය. පරිගනක පරිගනකයක් විසින් තවත් පරිගනකයක් හඳුනාගනු ලබන්නේ IP ලිපිනයක් මගිනි. DNS භාවිතා කරන්නේ මෙම ගැටළුව නිරාකරණය කරගැනීමට ය. DNS යනු පරිගනක ජාලය තුල ස්ථාපනය කර ඇති තවත් සේවාදායක පරිගනකයක් (server) තුල ක්‍රියාත්මක වන පරිගනක වැඩසටහනකි. මෙමගින් අප විසින් ලබාදෙන Domain Name එක IP ලිපිනයක් බවට පරිවර්ථනය කරනු ලබයි.


DNS Server එක තුල විවිධ Domain name වලට අදාල IP ලිපින ඇතුලත් වගුවක් පවත්වාගනු ලබන අතර පරිශීලකයා විසින් ලබාදෙනු ලබන domain name එකට අදාල IP ලිපිනය හඳුනාගෙන ඔහුව අදාල වෙබ් අඩවිය ඇතුලත්වන Server පරිගනකය වෙත යොමු කිරීම DNS හි කාර්‍යභාරය වේ.

තවද ,

තෝරාගත් පරිගනක ජාලයක් තුල තෝරාගත් වෙබ් අඩවි අවහිර කිරීමට මෙම DNS සේවාව බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. උදාහරණයක් ලෙස කාර්‍යාලීය පරිගනක ජාලය තුල facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුම මග DNS ඔස්සේ අදාල අඩවි අවහිර කිරීමයි.

No comments:

Post a Comment