01 December 2015

මොනවද මේ Unicast, Multicast, Broadcast Transmission කියන්නෙ


Unicast Transmission


Unicast Transmission එකක් කියන්නේ එකකින් එකකට (one to one) communication එකකටයි.තේරුනේ නෑ නේද ?. ඔහොම කිව්වම මොකාටද ඉතින් තේරෙන්නෙ.හරියටම කියනවනම් මෙන්න මේකයි සිද්ධිය, මගෙ phone එකෙන් මම මගෙ යළුවෙකුට call එකක් ගන්නව, ඒක තේරුන්නෙ. අන්න ඒවගේ communication එකකට තමයි Unicast Communication එකක් කියන්නෙ.තවත් හරියටම කියනවනම් එක device එකක ඉදල ත‍වත් device එකක් ඉලක්ක කරල කරන Communication එක. Network එකකදි Unicast එකක් වෙන්නෙ මෙන්න මෙහෙමයි.


 

Multicast Transmission


Multicast Transmission එකක් කියන්නෙ අපි උඩින් කථා කරපු එකේ අයිය කිව්වොත් හරි.ඒ කිව්වෙ multiයට uniයට වැඩිය වැඩ දාන්න පුළුවන් එකයි.එහෙමනම් Multicast කියන්නේ එකකින් ටිකකට  (one to many).මේකයි සිද්ධිය මම යාළුවො කීප දෙනෙකුටම call conference දාල call එකක් ගන්නව, දන්නවනෙ ඉතින් ඔයconference දාපුවම  call එකේ ඉන්න කට්ටිය‍ටම එකපාර කථාකරන්න පුළුවන් කියල.ඔන්න ඕකට තමයි Multicast කියන්නෙ.එක device එකක ඉදල device කිහිපයකට කරන communication එකක් තමයි හරියටම කිව්වොත් Multicast එකක් කියන්නෙ.

Broadcast Transmission

 



Broadcast Transmission මේක තමයි මේ set එකේ ඉන්න වැඩ කාරය.හැබැයි මං දන්න හැටියටනම් මේ වැඩේ phone එකෙන් නම් කරන්න බෑ.මෙන්න මේකයි කථාව, එකකින් ඕනෑ තරමකට (one to any) ඒ කිව්වේ එක device එකකින් ඒ හා සම්බන්ධ අනිත්  සෑම device එකකටම communication කරන එකයි.තව ටිකක් තේරෙන්න කිව්වොත් මෙහෙමයි, Radio Station එකකින් එකවර සෑම Radio එකකටම (ගෙවල්ලව තියෙන Radio වලට) වැඩසටහන් විකාෂණය කිරීම වගේ එකක්.




ඔන්න ඔහොමයි Unicast, Multicast, Broadcast වැඩ කරන්නෙ.

No comments:

Post a Comment