OSI
ආකෘතිය (Open Systems Interconnection Model)
OSI ආකෘතිය
මගින් ජාලයක් තුල
යෙදුම් (application) සන්නිවේදනය කරන්නේ
කෙසේද යන්න පැහැදිලිව
තේරුම් ගැනීමට හැකිය. OSI ආකෘතිය යොමු ආකෘතියක්
ලෙස යොදාගන්න ආකාරය
තේරුම් ගැනීමට
පළමුව OSI ආකෘතිය
යනු කුමක්දැයි හදුනා
ගනිමු.
ජාලයක් තුල තොරතුරු
සන්නිවේදනය කරන ආකාරය
ස්තර (layers) 7 කින්
නිරුපනය කිරීමක් තමයි OSI ආකෘතිය මගින් සිදු
කරලා තිබෙන්නේ.
Application
Layer
යවන්නාගේ යෙදුම්
(application) සහ තොරතුරු ලබාගන්නාගේ
ක්‍රියාවලි(End-user
process) වල
නිවැරදි සන්නිවේදනය සදහා
සහය දැක්වීම මෙම layer එකේදී සිදුවේ
. සන්නිවේදනයේ යවන්නා සහ
ප්‍රතිග්‍රාහකයා හදුනාගැනීම්,
ආරක්ෂිත
භාවය තහවුරු කිරීම, යවන්නාගේ සත්‍යතාව තහවුරු කිරීම (user
authentication) වැනි
ජාලමය තොරතුරු සන්නිවේදනයේ
එන යෙදුම්
(Application ) සම්බන්ද
ක්‍රියාවන්
කිහිපයක්ම මෙම
layer එක තුලදී සිදුවේ.
මෙහිදී සපයන යෙදුම්
සේවා (application services) සදහා උදාහරණ
ලෙස ලිපි හුවමාරුව
(File transfer) ,විද්‍යුත් තැපෑල(E-mail),
අන්තර්ජාල සැරිසැරීම් (web-browsing) සහ
අනෙකුත් ජාලමය මෘදුකාංග
සම්බන්ද ක්‍රියාවලි හදුන්වාදිය හැකිය.
Presentation
layer
මෙම layer එක
මගින් සිදුකරන ක්‍රියාවලි සෑම එකක්ම
පාහේ මෙහෙයුම් පද්ධතියට
අදාල ක්‍රියාවලීන් වේ.මෙහිදී ප්‍රධාන වශයෙන්ම සිදුකරන්නේ,
ජාලය තුලට පැමිණෙන
හෝ පිටතට යන
තොරතුරු එක් නිරූපණ
මාද්‍යයක(presentation
format) සිට තවත් නිරූපණ
මාද්යකට
හැරවීමයි.
උදා:- දත්ත
සංකේතනය හා විසංකේතනය
(data encryption and decryption)
Session
Layer
මෙම layer එක
තුලදී, සන්නිවේදනය
කල යුතු යෙදුම්
(application) අතර සම්බන්දතාව ගොඩනගාගැනීම,
එම සම්බන්දතාව නිවැරදිව
කළමනාකරණය කිරීම සිදුකරයි.
Transport
Layer
ජාලයක් තුලදී තොරතුරු
හුවමාරුවක් සිදුවීමේදී, දත්ත
යවන(send) හා
ප්‍රතිග්‍රහණය (receive) කරගන්නා
ජාලමය උපාංග
(network devices) අතර
දත්ත ගලායාම
(data flow) නිවැරදිව පාලනය කරන්නේ
මෙම layer එක
තුලදීය. තොරතුරු
හුවමාරුවකදී transport layer එක
මගින් ඉතාමත් වැදගත්
කාර්යයන් කිහිපයක්ම සිදුවේ. ඒ සඳහා මෙම layer එක තුලදී ප්‍රධාන වශයෙන්ම භාවිත
වන්නේ TCP හා UDP
යන ප්රොටෝකොලයන්ය.
- TCP සම්ප්‍රේෂණ පාලන ප්‍රොටෝකෝලය (transmission control protocol)
TCP මගින්
දත්ත හුවමාරුව සිදුකිරීමේදී
යවන්නා යම් තොරතුරක්
යැවූ පසු
ග්රාහකයාගෙන්
එම තොරතුර ලබාගත්
බවට සහතික වීමක්
බලාපොරොත්තු වේ
. යම් හෙයකින් ග්රාහකයා අදාල තොරතුර
ලබා ගැනීමට අපොහොසත්
වුයේ නම්
යවන්නා අදාල තොරතුර
නැවත යැවීමට වගබලා
ගනී.
- ·UDP (User datagram protocol)
TCP හි
මෙන් ග්රාහකයාගෙන් සහතික වීමක්
බලාපොරොත්තු නොවී තොරතුරු
හුවමාරු කිරීම
UDP මගින් සිදුවේ.
(වේගවත් දත්ත හුවමාරු
සඳහා)
Network
Layer
router උපාංගය මගින් ජාලය
තුල දත්ත හුවමාරුව
නියමාකාරයෙන්ම සිදුවන
layer එක ලෙස මෙය
හදුන්වා දෙන්නට පුළුවන්.
යවන්නාගේ සිට ග්රාහකයා දක්වා දත්ත
හුවමාරුව සඳහා හොඳම
මාර්ගය සැකස දීමත්
මෙහි එක් වැදගත්
කාර්යයක් ලෙස හඳුනා
ගන්නට පුළුවන්. (routing table සහ ip
address මගින්)
Data
Link Layer
මෙම layer එක
තුලින් දත්ත ගමන්
කිරීමේදී ඊට පහලින්
ඇති physical layer හරහා
දත්ත යැවීමට අදාල
ප්රොටෝකොලයන්
ක්‍රියාත්මක
කිරීම සිදුකරයි. දත්ත
නිවරදිකරණය කිරීම
(data error correction ) මෙම layer එක තුලදී සිදුකරන
ප්‍රධානතම
කාර්යයක් ලෙස හදුන්වා
දිය හැක.මෙහිදී භාවිතා කරන
ජාලමය උපාංග කිහිපයක්
ලෙස switch, bridge,NIC (network interface card) හදුන්වා දිය හැකිය.Network
layer හිදී ip address භාවිතා
කරන්නක් මෙන් මෙහිදී
යවන්නා හා ප්රතිගාහකයා හදුනා ගැනීම
සඳහා මැක් අංකය(MAC
address) භාවිතා කරයි.
Physical
Layer
නියමාකාරයෙන්ම දත්ත ගමන්කිරීමක්
සිදුවන්නේ මෙම
layer එක තුලදීය.
වෝල්ටීයතා වෙනස්කම් අනුව
බිටු(bit) ආකාරයෙන්
දත්ත සම්ප්‍රේෂණය මෙහිදී සිදුවේ. hub,
repeaters,cable මෙහිදී
භාවිතා වෙන උපාංග
කිහිපයකි.
දැන් OSI ආකෘතිය
යොමු ආකෘතියක් ලෙස
හොයාගැනීමට හේතු සලකා
බලමු.
- යොමු ආකෘතියක් (reference model) යනු …..
යම්කිසි පද්දතියක් සැලකුවහොත්
එහි ඇති සම්බන්ධතා
හදුනා ගැනීමට උපකාරී
වන සංකල්පිත රාමුවක්
(conceptual framework) ලෙස
යොමු ආකෘතියක් හදුන්වා
දිය හැක.
- ·OSI ආකෘතිය යොමු ආකෘතියක් ලෙස යොදාගන්නේ ඇයි ???
- ජාලමය සන්නිවේදන ක්‍රියාවලිය(Network communication system) මේ තුලින් පැහැදිලිව විස්තර කර ඇති නිසා. (දත්තමය සන්නිවේදනය(data communication) ඉගැනීම සඳහා යොමු ආකෘතියක් ලෙස )
- Layers කිහිපයකට බෙදා දක්වා ඇති නිසා සන්නිවේදනයේ එක් එක් අවස්ථා අතර පවතින අන්තර් සම්බන්දතාව, ජාලමය උපාංග අතර පවතින සම්බන්දතාව මැනවින් පැහැදිලි කර ඇති නිසා.
- ජාලමය සන්නිවේදන උපකරණ නිෂ්පාදකයන් හට එම උපාංග නිෂ්පාදනය සඳහා පිළිගත් ක්‍රමවේදයක් මෙතුලින් සලසා දී තිබෙන නිසා. එමගින් විවිධ නිෂ්පාදකයන්ගේ විවිධ උපාංග මගින් නිවැරදිව සන්නිවේදනය කිරීමේ හැකියාවද ලබා දී තිබේ.
No comments:
Post a Comment