06 September 2016

මොකද්ද මේ OSI ලේයර්ස් කියන්නෙ කියලා බලමුද......


OSI ආකෘතිය (Open Systems Interconnection Model) 


OSI ආකෘතිය මගින් ජාලයක් තුල යෙදුම් (application)   සන්නිවේදනය කරන්නේ කෙසේද යන්න පැහැදිලිව තේරුම් ගැනීමට හැකිය. OSI ආකෘතිය යොමු ආකෘතියක් ලෙස යොදාගන්න ආකාරය තේරුම් ගැනීමට  පළමුව OSI  ආකෘතිය යනු කුමක්දැයි හදුනා ගනිමු.




ජාලයක් තුල තොරතුරු සන්නිවේදනය කරන ආකාරය ස්තර (layers) 7 කින් නිරුපනය කිරීමක් තමයි OSI ආකෘතිය මගින් සිදු කරලා තිබෙන්නේ.





Application Layer
යවන්නාගේ යෙදුම් (application) සහ තොරතුරු ලබාගන්නාගේ ක්රියාවලි(End-user process)  වල නිවැරදි සන්නිවේදනය සදහා සහය දැක්වීම මෙම layer එකේදී සිදුවේ . සන්නිවේදනයේ යවන්නා සහ ප්රතිග්රාහකයා  හදුනාගැනීම්, ආරක්ෂිත භාවය තහවුරු කිරීම, යවන්නාගේ සත්යතාව තහවුරු කිරීම (user authentication) වැනි ජාලමය තොරතුරු සන්නිවේදනයේ එන යෙදුම් (Application )  සම්බන්ද ක්රියාවන් කිහිපයක්ම මෙම layer එක තුලදී සිදුවේ.
මෙහිදී සපයන යෙදුම් සේවා (application services) සදහා උදාහරණ ලෙස ලිපි හුවමාරුව (File transfer) ,විද්යුත් තැපෑල(E-mail), අන්තර්ජාල සැරිසැරීම් (web-browsing) සහ අනෙකුත් ජාලමය මෘදුකාංග සම්බන්ද ක්රියාවලි හදුන්වාදිය හැකිය.



Presentation layer
මෙම layer එක මගින් සිදුකරන ක්රියාවලි සෑම එකක්ම පාහේ මෙහෙයුම් පද්ධතියට අදාල ක්රියාවලීන් වේ.මෙහිදී ප්රධාන වශයෙන්ම සිදුකරන්නේ, ජාලය තුලට පැමිණෙන හෝ පිටතට යන තොරතුරු එක් නිරූපණ මාද්යයක(presentation format) සිට තවත් නිරූපණ මාද්යකට හැරවීමයි.

උදා:- දත්ත සංකේතනය හා විසංකේතනය (data encryption and decryption) 





  

Session Layer

මෙම layer එක තුලදී, සන්නිවේදනය කල යුතු යෙදුම් (application) අතර සම්බන්දතාව ගොඩනගාගැනීම, එම සම්බන්දතාව නිවැරදිව කළමනාකරණය කිරීම සිදුකරයි.



Transport Layer
ජාලයක් තුලදී තොරතුරු හුවමාරුවක් සිදුවීමේදී, දත්ත යවන(send) හා ප්රතිග්රහණය (receive) කරගන්නා ජාලමය උපාංග (network devices) අතර දත්ත ගලායාම (data flow) නිවැරදිව පාලනය කරන්නේ මෙම layer එක තුලදීය. තොරතුරු හුවමාරුවකදී transport layer එක මගින් ඉතාමත් වැදගත් කාර්යයන් කිහිපයක්ම සිදුවේ. සඳහා මෙම layer එක තුලදී ප්රධාන වශයෙන්ම භාවිත වන්නේ  TCP හා UDP  යන ප්රොටෝකොලයන්ය.



  • TCP  සම්ප්රේෂණ පාලන ප්රොටෝකෝලය (transmission control protocol)
TCP මගින් දත්ත හුවමාරුව සිදුකිරීමේදී යවන්නා යම් තොරතුරක් යැවූ පසු  ග්රාහකයාගෙන් එම තොරතුර ලබාගත් බවට සහතික වීමක් බලාපොරොත්තු වේ . යම් හෙයකින් ග්රාහකයා අදාල තොරතුර ලබා ගැනීමට අපොහොසත් වුයේ  නම් යවන්නා අදාල තොරතුර නැවත යැවීමට වගබලා ගනී.

  • ·UDP (User datagram protocol)
TCP හි මෙන් ග්රාහකයාගෙන් සහතික වීමක් බලාපොරොත්තු නොවී තොරතුරු හුවමාරු කිරීම UDP මගින් සිදුවේ. (වේගවත් දත්ත හුවමාරු සඳහා)

 


Network Layer
router උපාංගය  මගින්   ජාලය තුල දත්ත හුවමාරුව නියමාකාරයෙන්ම සිදුවන layer එක ලෙස මෙය හදුන්වා දෙන්නට පුළුවන්. යවන්නාගේ සිට ග්රාහකයා දක්වා දත්ත හුවමාරුව සඳහා හොඳම මාර්ගය සැකස දීමත් මෙහි එක් වැදගත් කාර්යයක් ලෙස හඳුනා ගන්නට පුළුවන්. (routing table සහ ip address මගින්)

Data Link Layer
මෙම layer එක තුලින් දත්ත ගමන් කිරීමේදී ඊට පහලින් ඇති physical layer හරහා දත්ත යැවීමට අදාල ප්රොටෝකොලයන් ක්රියාත්මක කිරීම සිදුකරයි. දත්ත නිවරදිකරණය කිරීම (data error correction ) මෙම layer එක තුලදී සිදුකරන ප්රධානතම කාර්යයක් ලෙස හදුන්වා දිය හැක.මෙහිදී භාවිතා කරන ජාලමය උපාංග කිහිපයක් ලෙස  switch, bridge,NIC (network interface card) හදුන්වා දිය හැකිය.Network layer හිදී ip address භාවිතා කරන්නක් මෙන් මෙහිදී යවන්නා හා ප්රතිගාහකයා හදුනා ගැනීම සඳහා මැක් අංකය(MAC address) භාවිතා කරයි.

Physical Layer
නියමාකාරයෙන්ම දත්ත ගමන්කිරීමක් සිදුවන්නේ මෙම layer එක තුලදීය. වෝල්ටීයතා වෙනස්කම් අනුව බිටු(bit) ආකාරයෙන් දත්ත සම්ප්රේෂණය මෙහිදී සිදුවේ. hub, repeaters,cable  මෙහිදී භාවිතා වෙන උපාංග කිහිපයකි.
දැන් OSI ආකෘතිය යොමු ආකෘතියක් ලෙස හොයාගැනීමට හේතු සලකා බලමු.

  • යොමු ආකෘතියක් (reference model) යනු …..
යම්කිසි පද්දතියක් සැලකුවහොත් එහි ඇති සම්බන්ධතා හදුනා ගැනීමට උපකාරී වන සංකල්පිත රාමුවක් (conceptual framework) ලෙස යොමු ආකෘතියක් හදුන්වා දිය හැක.
  • ·OSI ආකෘතිය යොමු ආකෘතියක් ලෙස යොදාගන්නේ ඇයි ???
  1. ජාලමය සන්නිවේදන ක්රියාවලිය(Network communication system) මේ තුලින් පැහැදිලිව විස්තර කර ඇති නිසා. (දත්තමය සන්නිවේදනය(data communication) ඉගැනීම සඳහා යොමු ආකෘතියක් ලෙස )
  2.  Layers කිහිපයකට බෙදා දක්වා ඇති නිසා සන්නිවේදනයේ එක් එක් අවස්ථා අතර පවතින අන්තර් සම්බන්දතාව, ජාලමය උපාංග අතර පවතින සම්බන්දතාව මැනවින් පැහැදිලි කර ඇති නිසා.
  3.  ජාලමය සන්නිවේදන උපකරණ නිෂ්පාදකයන් හට එම උපාංග නිෂ්පාදනය සඳහා පිළිගත් ක්රමවේදයක් මෙතුලින් සලසා දී තිබෙන නිසා. එමගින් විවිධ නිෂ්පාදකයන්ගේ විවිධ උපාංග මගින් නිවැරදිව සන්නිවේදනය කිරීමේ හැකියාවද ලබා දී තිබේ.