වර්ථමාන
ලොකයෙහි මෙහෙයුම් පද්ධති අතර තරගකාරීත්වයක් ඇති වී තිබෙනවා. ලෝකයෙහි සෙසු සමාගම්
අතරින් ජනප්‍රිතයතම මෙහෙයුම් පද්ධතිය බවට පත්ව තියෙන්නේ අප කවුරුත් කතා කරන
වින්ඩොස් පරපුරේ මෙහෙයුම් පද්ධති සමූහකයි. වාණිජකරණය සිදුවෙමින් පවතින ලොකයෙහි
මුදල් පසුපස හබාගන පුද්ගලයන් සහ සමාගම් දිනෙන් දින ඔවුන්ගේ නිශ්පාධන ඉහල නන්වා ගැනීමේ
අරමුනින් විවිද නවීකරණයක් සිදුකරමින් තම නිපැයුම් ලොවට හදුන්වා දෙනු ලබයි. මෙම
මෙහෙයුම් පද්ධතියක් අප මිලදී ගත යුතුයි, එසේත් නැතිනම් බහුතරයක්
පාවිච්චි කරන Crack එකක් පාවිච්චි කල යුතුයි (මේ ගැන විස්ථර පසු ඉදිරිපත්
කිරීම් වලන් විස්ථර සහිතව විමසමු) එහෙත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන මෙහෙයුම්
පද්ධති අප අතර නොමැතිව නොවෙයි අපත් වාණිජකරණයට ලක් වන්නේ. මේ නිසාවෙන් මෙම බ්ලොග්
එකෙහි සම්පූර්ණ අදහස විදිහට තෝරාගත්තේ ලාංකීය පරිගණක බාවිත කරන තාක්ෂණීය පරපුරේ
ලිනක්ස් මෙහෙයුම් පද්ධති සමගින් තව වැඩ පහසුවෙන් සිදු කරගැනීම අත්වැලක් සපයා
දීමයි.
නිදහස් මෙහෙයුම් පද්ධති සම්ප්‍රදායට මූලික අඩිතාලම සකස්කර දුන් - ලිනස් ටොවල්ඩ්ස්
වර්ථමාන ලෝකයේ ඔබ අපි භාවිත කරන නිදහස් මෙහෙයුම් පද්ධති සම්බන්ධ තොරතුරු
ගෙන හැර දක්වන මොහොතක මතකයට නැගෙන ලෝක ප්‍රසිද්ධ එක් පුද්ගලයෙක් සිටින බවත් ඔබ
දන්නවා ඇති. ලිනස් ටොවල්ඩ්ස් ලෙස හදුන්වයි. නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයට මුල් වරට
පිවිසූ පුද්ලයෙකු උවත Linus
Torvalds නාමය අසා අතිබෙන ඇති.
වර්ථමාණ ලෝකෙහි Linux
මෙහෙයුම් පද්ධති සමූහය
ක්‍රියාත්මක වන්නේ Linux
Kernel නම් වූ පාධාන කේත සමූහය
පදනම් කරගනිමින්ය. නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයේ මූලික අඩිතාලම පිහිටූ මෙම
පුද්ගලයාගේ කැපවීම උත්සහාය නොමැති නම් ඔබ අප කවුරුත් භාවිත කරන Linux මෙහෙයුම් පද්ධති ගොඩ අප
අතරට පත්වීමක් නොමැති වන්නට ඉඩ තිබුනි. 1969 දෙසැම්බර් මස 28 වන දින ෆින්ලන්තයේ, හෙල්සින්කි හිදී උපත ලැබූ ලිනස් බෙනඩික්
ටොවර්ල්ඩ්ස් ෆින්ලන්ත ජාතික මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහු වඩාත්ම ගෞරවයට පාත්‍රව
ඇත්තේ ලිනක්ස් කර්නලය නිර්මාණයේ පුරෝගාමියා ලෙස ය. පසු කාලීනව ඔහු ලිනක්ස් කර්නලයේ
ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කල අතර දැනට එහි ව්‍යාපෘතිභාර සම්බන්ධිකාරක
ලෙස කටයුතු කරයි.
ලිනස් ටොර්වල්ඩ්ස් ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී ඇනා සහ නිල්ස් ටොවල්ඩ්ස් ට
දාව සහ ඔලේ ටොවල්ඩ්ස් කවියාගේ මුනුබුරා ලෙස උපත ලැබුවේය. 1960 දශකයේදී ඔහුගේ
මව්පියන් දෙදෙනාම හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ විප්ලවවාදීන් වූහ.
ඔහුගේ පවුල 5.5%ක් වූ ස්වීඩන භාෂාව කතා
කරන ෆින්ලන්ත ජාතික ජනගහනයට අයත් ය. ලිනස් පෝලින් , නැමැති නොබෙල් ත්‍යාගලාභී රසායන විද්‍යාඥයාට
ගරු කිරීමක් වශයෙන් ටොවල්ඩ්ස්ට ලිනස් යැයි නම් තබා තිබුණද ඔහු ලියූ Rebel Code: Linux and
the Open Source Revolution පොතෙහි ඔහු පවසන පරිදි, "මට හිතෙන විදියට පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය මතක් වෙන්නත් එක්කයි මට නම
දාල තියෙන්නෙ" තවදුරටත් ඔහු පවසන පරිදි මෙය ඔහු අඩක් "නොබෙල් ත්‍යාගය
දිනූ රසායන විද්‍යාඥයෙකු" සහ අඩක් "බ්ලැන්කට්ටුවක් පොරවන ලද කාටූන්
චරිතයක් " බවට පත්කල බව පවසයි.
ටොවඩ්ස් 1988-1994 කාලයේදී හෙල්සින්කි
විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව NODES research group හි අධ්‍යයනය කිරීමෙන් පරිගණක විද්‍යාව පිළිබඳ
විශාරද උපාධිය ලබා ගනී. ලිනස්ගේ සරසවි දිවියේ පළමු වසරේදීම අධ්‍යාපනයට බාධා
පැමිණෙන්නේ ෆින්ලන්ත හමුදාවේ මාස 11ක අනිවාර්ය නිලදාරී පුහුණු පාඨමාලාවකට හමුදාවට එක්
වීමට සිදුවීමත් සමඟය. හමුදාවේදී දෙවන ලුතිනන් ධුරයක් හා අවි පාලකයෙකු ලෙස, තුවක්කු ස්ථානගත කිරීම, ඉලක්ක ගණනය කිරීම
ගමන්පථ ආදිය සම්බන්ද ගණන කිරීම් සිදුකරන්නෙකු හා අවසානයේ අවසානයේ වෙඩි තබන ස්තානය
පෙන්වාදෙන්නෙකු බවට පත්වීය. 1990 දී නැවත ඔහු සරසවි අධ්‍යාපනය ඇරඹුවේය. ඔහු UNIX පිළිබඳව මුල්වරට අත්දැකීම් ලබාගන්නේ ඩිජිටල්
උපකරණ නීතිගත සංස්ථාවේ MicroVAX
පරිගණකයක ULTRIX මෙහෙයුම් පද්ධතිය
ඇසුරිණි.ඔහුගේ ශාස්ත්‍රීය නිබන්ධනය තේමාව වූයේ ලිනක්ස්: අතේ ගෙන යාහැකි මෙහෙයුම්
පද්ධතිය යන්නය.
ඔහුගේ පරිගණක පිළිබඳ උනන්දුව ඇරඹෙන්නේ Commodore VIC-20.පරිගණකයක් සමඟින්ය.VIC-20ට පසුව ඔහු Sinclair QL පරිගණකයක් මිලදී ගෙන එය
බොහෝ සෙයින් නවීකරණය කලේය.විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය විශාල වෙනස්කම් වලට භාජනය
විය. ඔහු ඇසෙම්බ්ලි පරිගණක භාෂාවක් , QL සඳහා පාඨ සකසනයක් සහ පරිගණක ක්‍රීඩා කිහිපයක්
නිර්මාණය කිරීමට සමත්විය. ඔහු Pac-Man පරිගණක ක්‍රිඩාවට සමාන Cool Man නම් ක්‍රීඩාවක් නිර්මාණය කිරීමෙන්ද ප්‍රසිද්ධියට පත්විය. 1991ජනවාරි 2 වෙනිදා ඔහු Intel 80386 පදනම් වූ IBM PC පරිගනකයක් මිලදී
ගත්තේය. අනතුරුව මාසයක්ම ගතකලේ Prince of Persia ක්‍රීඩා කිරීමෙන්ය. ඔහුගේ මිනික්ස් පිටපත ලැබුණු පසු
එය ඔහුගේ ලිනක්ස් වැඩකටයුතු ඇරඹීමට පිටුවහලක් විය.
ට්‍රාන්ස්මෙටා ප්‍රදේශයට යාමෙන් අනතුරුව ලිනස් කැලිෆෝනියාහි සමාගමක වැඩ භාර
ගෙන 1997 පෙබරවාරි සිට 2003 ජුනි දක්වා එහි සේවය
කලේය. පසුව ඔහු පසු කාලීනව නිදහස් ප්‍රමිති සමූහය හා එක්ව ලිනක්ස් පදනම් ආයතනය
බිහිවූ, විවෘත මූල සංවර්ධන
පරීක්ෂණාගාරයේ සේවය කලේය. 2004 ජුනි මාසයේදී ලිනස්ට
පර්යේෂණාගාරයට ගමන් පහසුව සඳහා ටොවරල්ඩ්ස් සහ ඔහුගේ පවුල පදිංචිය පෝලන්තයේ ඔරේගන්
නගරයට වෙනස් කරයි. 1997 සිට 1999 දක්වා කාලය තුල ඔහු 86open නම් ලිනක්ස් සහ
යුනික්ස් සඳහාවූ ද්වීමය සම්මතයක් තෝරා ගැනීම සඳහා සම්බන්ධ වී සිටියේය.
ලිනක්ස් පාදකවූ මෘදුකාංග නිර්මාණය කරන ප්‍රධාන සමාගම් දෙක වූ Red Hat සහVA Linux ඔහුගේ නිර්මාණයට කෘතගුණ
සැලකීමක් වශයෙන් සමාගම් දෙකෙන්ම සමාගම් කොටස් තෑගිකරන ලදී. 1999දී ආයතන දෙකම කොටස්
මහජනයාට විවෘත කල අතර ඒ සමඟම ටොවල්ඩ්ස්ගේ කොටස්වල සඵල වටිනාකම ඉහලගොස් ඩොලර්
මිලියන 20 පමණ වීය.
ඔහුගේ පෞද්ගලික මැස්කොට් වූයේ පෙන්ගුවින් සත්වයෙකි. නම් කරනු ලැබ ඇත්තේ
ටක්ස් යනුවෙනි. ටක්ස් ,
ලිනක්ස් සමාජය විසින්
ලිනක්ස් කර්නලයේ මැස්කොට් ලෙස පිළිගන්නා ලදී.
ටොවල්ඩ්ස් "විවෘත මෘදුකාංග යනු මෘදුකාංග භාවිතාකල හැකි හොඳම මඟ"
යැයි ටොවල්ඩ්ස් විශ්වාස කලද ඔහු "හොඳම ආම්පන්නය අවශ්‍ය කාර්යය සඳහා "
යොදවන බවද එය වානිජ මෘදුකාංගයක් වූවද විය හැකි බව පවසා ඇත. ඔහු වානිජ මෘදුකාංග වලට
පක්ෂව කතාකිරීම හා භාවිතා කිරීම සම්බන්දයෙන්ද නොයෙක් විවේචනවලට ලක්වී ඇත. ලිනක්ස්
කර්නලයේ අනුවාද හසුරුවන මෘදුකාංගය වන BitKeeper එවැනි අවස්ථාවකට උදාහරණයකි. කෙසේවූවද
ටොවල්ඩ්ස් විසින් BitKeeper
සඳහා නිදහස්
මෘදුකාංගයක් නිර්මාණය කරන ලද අතර එය Gitය. ටොවල්ඩ්ස් නිල වශයෙන් GNOME පිළිබඳව අදහස් එහි නිල
ඊ-මේල් ලැයිස්තුවට කරුණු දක්වමින් ඔහු පරිශීලකයින් KDE සඳහා යොමුකිරීමට දිරිගන්වන බව පවසා ඇත.
කෙසේවූවද ටොවල්ඩ්ස් KDE
4.0 හි පරිණත බව ප්‍රමාණවත්
නොවීම නිසා ඇතිවූ අසාර්ථකත්වය හේතුකොට ගෙන තාවකාලිකව GNOME භාවිතා කලේය.
Freakx
- Linux බලට පත්වූ අයුරු
මෙය නිර්මාණය කරනෙයෙහි පුරෝගාමීයා ලෙස යටයුතු කරනු ලැබූ ලිනස් ටොවල්ඩ්ස් හට
මෙය නම්කිරීමට අවශ්‍ය වූයේ Free (නිදහස් යන අරුතින්) Freak සහ X
අකුරු වල එකතුවකිනි. එය
Unix නාමයට බෙහෙවින් සමාන වන
නිසාවෙයි. ඒ අනුව ඔහු Freakx
ලෙස මෙය නම් කරනු
ලැබීය. එහෙත් මෙම ප්‍රධාන කේත සමූහය අඩුංගු කර්නලය ගබඩා කරනු ලැබුයේ ඔහුගේ
මිතුරෙක් විසින්ය. ඔහු මෙම සර්වරයෙහි FTP පාලන කරන අරි ලෙම්කේ විය. මෙහු විසින් මෙම කර්නලය සර්වරයෙහි
තැප්පත් කර වූ Folder
එක නම් කර තිබුනේ Linux ලෙසටය. ඒ අවුම මෙය Linux බවට පත්විය.
පුද්ගලික ජීවිතය
ලිනස් ටොවල්ඩ්ස්ට සය වරක් ෆින්ලන්ත කරතේ ශූරිය වූ ටෝව් ටොවල්ඩ් හමුවන්නේ 1993 සරත් ඍතුවේදීය.
ටොවල්ඩ්ස් පරිගණක විද්‍යාගාරයේ සිසු සිසුවියන්ට ආරම්භක අභ්‍යාසයක් පවත්වමින් තමන්ට
ඊ-මේල් පණිවිඩයක් පරීක්ෂාව සඳහා එවන ලෙස ඉල්ලා සිටියේය. ටෝව් ප්‍රතිචාර දක්වන්නේ
ඔහු හමුවී කතාකිරීමට වෙලාවක් ඉල්ලමිනි. පසුව ටෝව් සහ ලිනස් විවාහයෙන් දරුවන්
තිදෙනෙකු ලදහ. ඔවුන් පිළිවෙලින් පැට්‍රීෂියා, ඩැනියෙලා හා සෙලෙස්ටෙ වෙති.
සම්මුඛ සාකච්ඡාවකදී ටොවල්ඩ්ස් ඔහුවම මෙසේ විස්තර කරයි " සම්පූර්ණයෙන්ම
ආගමික — අදේවවාදියෙක් "
තවදුරටත් "මම හිතන හැටියට මිනිස්සු හිතනවා ආගම මිනිසුන්ගේ අභ්‍යන්තර ගුණාංග
දියුණු කරනවා කියල,
සදාචාර සම්පන්න කරනවා
කියල. ඒත් මම ඒ දෙකම විචේචනය කරනවා. ඒක මිනිසුන්ට නිදහසට කාරණයක් සපයනවා
"අහෝ,
සොබාවධර්මය නිර්මාණය
කරදුන් හැටි " සහ එම නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය ආශ්චර්යක් ලෙස දකිනවා. මම
පිළිගන්නවා "විශ්වාස කල නොහැකි දෙයක් එකවරම සිදුවීම පුදුමාකාරයි" යන
කාරණය ගැන. මම හිතනවා අපිට පුළුවන් සදාචාරවත් වෙන්න ආගම සම්බන්ධ කරගන්නෙ නැතිව, මනාව සැකසුනු ආගමකින්
විශේෂයෙන් සදාචාරයට අයහපත් දේවල් එන්න පුළුවනි. මා සැබවින්ම බයයි මනාව සැකසුනු
ආගම්වලට මොකද එය බලය අනිසි ලෙස භාවිතා කරන්න පාර කපන්න පුළුවන් නිසා. " තවත්
එකතු කරමින් ඔහු කියා සිටියේ යුරොපයේ එය බොහෝදුරට පුද්ගලික ගැටලුවක් පමණක් වූවද
විශේෂයෙන්ම ඇමරිකාවේ ආගම ඕනෑවටත් වඩා දේශපාලනීකරණය වී ඇති බවයි.
මොහුට ඇති පිළිගැනීම
- 1996දී ලිනස් ටොවල්ඩ්ස්ට ගරුකිරීමක් වශයෙන් 9793 ටොවල්ඩ්ස් ග්‍රාහකයනම් කරන ලදී.
- 1997දී හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ පරිගනක විද්‍යා අංශයෙන් විශාරද උපාධිය ලබාගනී.
- 1998දී EFF Pioneer සම්මානය හිමිකරගනී.
- 1999දී ස්ටොක්හෝම් සරසවියෙන් ගෞරව ආචාර්ය පදවියක් ප්‍රදානය කරයි.
- The 1999 දී නීල් ස්ටෙෆන්සන් විසින් ලියූ Cryptonomicon නවකතාව ෆින්ලන්තයේ නිපදවන ලද "ෆිනුස් " නම් ලිනක් ස් වැනි මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන චරිත කිහිපයකින් සමන්විත වෙයි.
- 2000දී හෙල්සින්කි සරසවියෙන් ගෞරව ආචාර්ය පදවියක් ප්‍රදානය කරයි.
- 2000 ඔහු Lovelace Medalට සුදුසු කම් ලබා ගනී.
- Time සඟරාවේ සියවසේ පුද්ගලයා තේරීමේ මත ඡන්දය ටොවල්ඩ්ස් 17 වෙනියා ලෙස අවසන් විය.
- 2001දී [සමාජයීය/ආරථික ක්ෂේත්‍රය සඳහාවූ [ටකෙඩා සම්මානය] සඳහා රිචඩ් ස්ටෝල්මන් සහ කෙන් සකමුරා සමඟ සම සුදුසුකම් ලැබුවේය.
- 2004දී ටයිම් සඟරාවේ ලිපියකින් ලෝකයේ වැදගත්ම පුද්ගලයන් අතරින් කෙනෙකු ලෙස නම් කරන ලදී. "Linus Torvalds: The Free-Software Champion" by Lawrence Lessig
- 2004 දී පැවැත්වුනු හොදම ෆින්ලන්ත ජාතිකයා තේරීමේ ඡන්ද විමසීමෙදී ටොවල්ඩ්ස් 16 වැනි ස්ථානයට හිමිකම් කීවේය.
- 2005දී BusinessWeek මගින් කරන ලද සංගනණයකින් හොඳම කළමනාකරුවන් අතරින් කෙනෙකු බව හෙළිවිය.
- 2005 අගෝස්තු මාසයේදී ටොවල්ඩ්ස් Vollum සම්මානය රීඩ් විද්‍යාලයෙන් ලබාගනී.[29]
- 2006දී Business 2.0 සඟරාවෙන් ඔහුව "10 people who don't matter"ලෙස නම් කරන ලද්දේ ලිනක්ස් වල වර්ධනය හේතුකරගෙන ලිනස්ගේ තනිපුද්ගල බලපෑම අඩුවීම නිසාය.
- 2006 දී , ටයිම් සඟරාවේ යුරෝපීය මුද්‍රණය ඔහුව පසුගිය අවුරුදු 60 පෙරළිකාර වීරයෙකු ලෙස නම් කලේය
- 2008දී ඔහුගේ නම කැලිෆෝනියාවේ මවුන්ටන් වීව් හි පරිගනක ඉතිහාස කෞතුකාගාරයේ| නාමාවලියට ඇතුලත් විය .
Unix System / Linux Beginners - මෙහෙයුම් පද්ධතිය
Unix හි (නිලලත් Trademark එක UNIX වන අතර, ඇතැම් විට Unix ලෙස ලියන අවස්ථාද ඇත. විවිධ කටයුතු, විවිධ ප්‍රයෝජන සදහා මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය මුලින් නිර්මාණය කරන ලද්දේ 1969 වර්ෂයේදී AT&T කණ්ඩායමෙහි සේවය කරන ලද Ken Thompson, Dennis Ritchie, Brian Kernighan, Douglas McIlroy සහ Joe Ossanna යන පිරිස විසිනි. අරම්භයේදී මෙම මෙයෙහුම් පද්ධතිය ගොඩ නැගුණේ Assembly language එකක් වශයෙනි. එහෙත් 1973 වර්ෂයේදී මුළු මුලින්ම පාහේ C Programing Language එක මත නිර්මාණය කරන ලදි. මෙය දියුණු කිරීමට සහ දෘඪාංග අතර තිබෙන පහසුකම් වැඩි දියුණු කිරීමට මෙය දායක කරගන්නා ලදි. අද වන විට Unix system එක විවිධ කොටස් වලට වෙන් වෙන්ව තිබෙනවා. AT&T හි නිර්මාණක කාලය සමග විවිධ වාණිජමය සංවිධාන, උසස් අධ්‍යාපන ආයතන ( University of California සහ Berkeley Software Distribution) සහ ලාභ උපයා ගැනීම සදහා නොවන. විවිධ සංවිධාන විසින් Unix වැඩි දියුණුවට ක්‍රියාකළේය.
The Open Group කර්මාන්ත අයතන විසින් UNIX trademark හි මූල්‍යමය හිමිකාරත්වය දරයි. මෙහි ක්‍රියාපිළිවෙල පමණක් එකගතායවන්ට අනුව Single UNIX Specification කොන්දේසී සහිතව trademark එක භාවිත කල යුතුයි. අනෙකුත් පාර්ශවයන්ට මෙය Unix system-like හෝ Unix-like ලෙස භාවිත කරලීමේ පහසුකම් ලබුණද එයට The Open Group හි විරුද්ධත්වය එල්ල විය. කෙසේ නමුත් සෑම මෙහෙයුම් පද්ධතියක්ම trademarked system එකට සමීප සමානකම් තිබෙයි.
1970 අවසාන භාගයෙහි සිට 1980 අතර තුර කාලයේදී, Unix අකාර්යක්ෂම සමූහයක් වශයෙන් කටයුත් කළත්, මේ අතර තුර කාලයේදී මෙය විශාල ප්‍රමාණයක් පිළිගැනීමට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැක්කේ, University of California, Berkeley මේ සදහා අත ගැසීමයි. එය ව්‍යාපාරික කටයුත්තක් සදහාය. ඉතා විශිෂ්ට Solaris, HP-UX සහ AIX, එසේම, Darwin (operating system), Apple's Mac OS X, Apple TV, සහ iOS මතුපිට අත්තිවාරම වශයෙන් Unix ක්‍රියාකරයි. මේ අතරෙන් වැඩියෙන්ම Unix භාවිත කරන්නේ Linux මෙහෙයුම් පද්ධති විශේෂ තුළය. අප විසින් භාවත කරන Power Data Centers, Desktops, Mobile Phones, And Embedded Devices ඒ වගේම Routers, Set-top Boxes හෝ E-book Readers යටතේ Unix පද්ධති භාවිත කරලීම සිදුකරයි. අද වන විට සහතික කරන ලද සංකලනය කලින් සදහක් කල ආකාරයට Unix-like Operating Systems එසේම MINIX, Linux, Android සහ BSD පරම්පරාවෙහි නිර්මාණ අතර වන FreeBSD, NetBSD, OpenBSD සහ DragonFly BSD Unix පොදුවේ මුණගැසීම සිදුවේ. පරම්පරාගත ආකාරයට Unix හෝ Operating System විස්තර කිරීම සදහා Version 7 Unix UNIX System V මුහුණුවර දැක්විය හැකියි.
Unix මෙහෙයුම් පද්ධතිය වැඩියෙන්ම භාවිත කරන්නේ Server, Workstation සහ Mobile Device සදහාය. Unix මෙහෙයුම් පද්ධතියෙහි Environment සහ Client–server වැඩසටහන් අකෘතිය මූලික වශයෙන් අන්තර්ජාලය Interent සහ පරිගණකයක් මූලිකාංග පද්ධතියක් Network එකක් සේ හැඩගැන්වීම සදහා Reshaping වැඩා වැඩියෙන් පෞද්ගලික පරිගණක සදහා ක්‍රියාකරවයි.
පටන්ගැනීමේදී Unix නිර්මාණය යූයේ පරිගණක ක්‍රමලේඛන සදහා අවශ්‍ය විවිධ Application - යෙදයුම් මෘදුකාංග ක්‍රියාත්මක කරගැනීම සදහා අවශ්‍ය වට පිටාව සකස් කරගැනීම සදහාය. එහෙත් මෙය මෙතාක් Operating System එකක් බවට දියුණු වීමට හේතුපාදක වී තිබෙන්නේ පරිශීලයන් විසින් සදහා ඔවු නොවුන්ගේ දැනුම් සම්භාරයෙන් නිර්මාණය කරගත් විවිධ ක්‍රියාපිළිවෙත් එකතු කරමින් එකි නෙකා ඇතර හුවමාරු කරගනිමින් Unix සදහා හවුලකාරයන් බවට පත්වීමයි.
Unix සහ C programming language ද්ත්වය වැඩිදියුණු කරන ලද්දේ AT&T විසිනි. මෙය බෙදාහැරීම රාජය සහ ශාස්ත්‍රඥ (academic) අයතන සදහා සීමා විය. එකල පැවති විවිධ වර්ගයේ උපකරණ ක්‍රියාකරවීමට අනෙකුත් මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව ඉහළ අගයට පැවතුණි. ඒ නිසාවෙන් Unix මෙහෙයුම් පද්ධතියක තුල්‍යාර්ථික (synonymous) ලෙසට පත්විය.
Unix මෙය නිර්මාණය කරන ලද්දේ Portable, Multi-tasking Multi-user සහ Time-sharing පහසුකම් සහිතවයි. Unix පද්ධතියක් විවිධ සංකල්ප ඔස්සේ විදහා දැක්වීමේ හැකියාවත් පවතිනවා. දත්ත ගබඩා කිරීම සදහා plain text භාවිත කිරීම, දූරානුක්‍රමව යොදා තිබෙන File System එක, Device සහ Inter-Process Communication (IPC) ෆයිල් එකක් ලෙස සැලකීම, Software Tools විශාල ප්‍රමාණයක් භාවිත කරීම, මේ නිසාවෙන් කුඩා මෘදුගාංයක් දිගින් දිගටම Command Line Interpreter මගින් සම්පූර්ණයෙන් වැඩි දියුණු කර සකස් කිරීමේ හැකියාව ලැබීමට පුළුවන. එකම ක්‍රියාවත් සදහා විරුද්ධව නැගී සිටින මෘදුකාංගයන් මේ නිසාවෙන් ස්‍රීග්‍රතාවයෙන් සමාන වීම සිදුවේ. මෙය සංකල්පය Unix philosophy නමින් අප දැනුවත් විය යුතුයි. Kernighan සහ Pike summarize මොවුන්ගේ සංකල්පය වන The Unix Programming Environment, මෙම පද්ධතියෙහි අනෙකුත් මෘදුකාංග සදහා සහභාගිත්වයෙන් මෙතරම් දුරක් පැමිණිමට වඩාත් වැදගත් වු අසහසක් ලෙස හදුන්වනු ලබයි.
බොහොමයත් මෙයෙහුම් පද්ධති සදහා දායක කරගන්නා Kernel, මෙම Unix යටතේ ක්‍රියාකාරීත්වය ලබයි. මෙමගින් Kernel හි විවිධ utilities රාශියක් master control program යටතේ ක්‍රියාත්මක වීම සිදුවේ. මෙමගින් පරිගණකයේ File System එක සහ අනෙකුත් පොදු ක්‍රියාකාරකම් බොහොමයක් මෙම Unix පාදක කරගනිමින් සිදුවේ. Linux මෙහෙයුම් පද්ධතියේ කොදු නාරටිය ලෙස හදුන්වන මෙම Linux Kernel ඔබ දැනටමත් මේ ගැන දන්නවා ඇති, Unix යගේ දෘඪාංග පාලයන සහ මෘදුකාංග ක්‍රියාකාරිත්මව තව තවත් දියුණු කිරමින් Linux Kernel ගොඩ නැගෙමින්, Linux Kernel උපයෝගී කරගනිමින් විවිධ Linux මෙහෙයුම් පද්ධති නිර්මාණය කරලීම සිදු කරයි.
මෙම යුගයෙදි භාවිත කරනු ලැබු සාමාන්‍ය පරිගණකයක දෘඪ තැටිය දත්ත ගබඩා කිරීමේ මාදයක් ලෙස භාවිත කරනු ලැබූ අතර ආදාන සහ ප්‍රතිදාන උපක්‍රම යුගලය සදහා I/O ලෙස හදුන්වන Input Output ක්‍රියාවලිය සදහා data terminal භාවිත කරනු ලැබුවෙමි. මෙම Unix file ආකෘතිය නියම ආකාරයෙන් ක්‍රියාත්මක විය. Line එකක් ලෙස භාවිත කරනු මෙය, පසු කලෙක පද්ධති වර්ධනයත් සමග Networking සහ Other device භාවිතයට ගැනිණි. මෙය graphical interfaces එකක් බවට දියුණු කර තිබුණි. මෙම File ආකෘතිය ක්‍රියාකාරිත්වය සදහා තරමක් අපහසු නිසා පසු කලෙක Mouse (computing) මෙහි ක්‍රියාකාරිත්වයට පැමැණියේය.
1960 වසරේදී Massachusetts Institute of Technology, AT&T Bell Labs සහ General Electric යටතේ දියුණු කිරීම සමගින් පායෝගික පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සකස් කරන මෙහෙයුම් පද්ධති නම් කරන ලද්දේ Multics ලෙසිනි. මෙය GE-645 mainframe පරිගණක බල ගැන්වීම සදහා යොදාගන්නා ලද පද්ධති වේ. Multics විසින් බොහෝ පද්ධති සදහා නවතැන් සැපයුවත් බොහොමයක් ප්‍රශ්න තිබුණි. මෙසේ ආරම්භ කරවූ මෙය, වඩාත් නිවැරදි ආකාරයෙන් ගැටලු සහ දෝෂ සහිත තැන් නිවැරදි කරමින් අද වන විට පත්ව තිබෙනවා. මේ අකාරයෙන් Unix හි ගමන කෙටියෙන් විස්තර කර දැක්වීමට පුළුවනි. වසර 40 කට වැඩි සේවා කාලයක් සපිරි Unix අදටත් යාවත්කාලීන කරමින් The Open Group යටතේ ක්‍රියාත්මකයි.