19 December 2016

Linux මෙහෙයුම් පද්ධති .....



 
වර්ථමාන ලොකයෙහි මෙහෙයුම් පද්ධති අතර තරගකාරීත්වයක් ඇති වී තිබෙනවා. ලෝකයෙහි සෙසු සමාගම් අතරින් ජනප්‍රිතයතම මෙහෙයුම් පද්ධතිය බවට පත්ව තියෙන්නේ අප කවුරුත් කතා කරන වින්ඩොස් පරපුරේ මෙහෙයුම් පද්ධති සමූහකයි. වාණිජකරණය සිදුවෙමින් පවතින ලොකයෙහි මුදල් පසුපස හබාගන පුද්ගලයන් සහ සමාගම් දිනෙන් දින ඔවුන්ගේ නිශ්පාධන ඉහල නන්වා ගැනීමේ අරමුනින් විවිද නවීකරණයක් සිදුකරමින් තම නිපැයුම් ලොවට හදුන්වා දෙනු ලබයි. මෙම මෙහෙයුම් පද්ධතියක් අප මිලදී ගත යුතුයි, එසේත් නැතිනම් බහුතරයක් පාවිච්චි කරන Crack එකක් පාවිච්චි කල යුතුයි (මේ ගැන විස්ථර පසු ඉදිරිපත් කිරීම් වලන් විස්ථර සහිතව විමසමු) එහෙත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන මෙහෙයුම් පද්ධති අප අතර නොමැතිව නොවෙයි අපත් වාණිජකරණයට ලක් වන්නේ. මේ නිසාවෙන් මෙම බ්ලොග් එකෙහි සම්පූර්ණ අදහස විදිහට තෝරාගත්තේ ලාංකීය පරිගණක බාවිත කරන තාක්ෂණීය පරපුරේ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සමගින් තව වැඩ පහසුවෙන් සිදු කරගැනීම අත්වැලක් සපයා දීමයි.

නිදහස් මෙහෙයුම් පද්ධති සම්ප්‍රදායට මූලික අඩිතාලම සකස්කර දුන් - ලිනස් ටොවල්ඩ්ස්

 





වර්ථමාන ලෝකයේ ඔබ අපි භාවිත කරන නිදහස් මෙහෙයුම් පද්ධති සම්බන්ධ තොරතුරු ගෙන හැර දක්වන මොහොතක මතකයට නැගෙන ලෝක ප්‍රසිද්ධ එක් පුද්ගලයෙක් සිටින බවත් ඔබ දන්නවා ඇති. ලිනස් ටොවල්ඩ්ස් ලෙස හදුන්වයි. නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයට මුල් වරට පිවිසූ පුද්ලයෙකු උවත Linus Torvalds නාමය අසා අතිබෙන ඇති. වර්ථමාණ ලෝකෙහි Linux මෙහෙයුම් පද්ධති සමූහය ක්‍රියාත්මක වන්නේ Linux Kernel නම් වූ පාධාන කේත සමූහය පදනම් කරගනිමින්ය. නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයේ මූලික අඩිතාලම පිහිටූ මෙම පුද්ගලයාගේ කැපවීම උත්සහාය නොමැති නම් ඔබ අප කවුරුත් භාවිත කරන Linux මෙහෙයුම් පද්ධති ගොඩ අප අතරට පත්වීමක් නොමැති වන්නට ඉඩ තිබුනි. 1969 දෙසැම්බර් මස 28 වන දින ෆින්ලන්තයේ, හෙල්සින්කි හිදී උපත ලැබූ ලිනස් බෙනඩික් ටොවර්ල්ඩ්ස් ෆින්ලන්ත ජාතික මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහු වඩාත්ම ගෞරවයට පාත්‍රව ඇත්තේ ලිනක්ස් කර්නලය නිර්මාණයේ පුරෝගාමියා ලෙස ය. පසු කාලීනව ඔහු ලිනක්ස් කර්නලයේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කල අතර දැනට එහි ව්‍යාපෘතිභාර සම්බන්ධිකාරක ලෙස කටයුතු කරයි.

ලිනස් ටොර්වල්ඩ්ස් ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී ඇනා සහ නිල්ස් ටොවල්ඩ්ස් ට දාව සහ ඔලේ ටොවල්ඩ්ස් කවියාගේ මුනුබුරා ලෙස උපත ලැබුවේය. 1960 දශකයේදී ඔහුගේ මව්පියන් දෙදෙනාම හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ විප්ලවවාදීන් වූහ. ඔහුගේ පවුල 5.5%ක් වූ ස්වීඩන භාෂාව කතා කරන ෆින්ලන්ත ජාතික ජනගහනයට අයත් ය. ලිනස් පෝලින් , නැමැති නොබෙල් ත්‍යාගලාභී රසායන විද්‍යාඥයාට ගරු කිරීමක් වශයෙන් ටොවල්ඩ්ස්ට ලිනස් යැයි නම් තබා තිබුණද ඔහු ලියූ Rebel Code: Linux and the Open Source Revolution පොතෙහි ඔහු පවසන පරිදි, "මට හිතෙන විදියට පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය මතක් වෙන්නත් එක්කයි මට නම දාල තියෙන්නෙ" තවදුරටත් ඔහු පවසන පරිදි මෙය ඔහු අඩක් "නොබෙල් ත්‍යාගය දිනූ රසායන විද්‍යාඥයෙකු" සහ අඩක් "බ්ලැන්කට්ටුවක් පොරවන ලද කාටූන් චරිතයක් " බවට පත්කල බව පවසයි.

ටොවඩ්ස් 1988-1994 කාලයේදී හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව NODES research group හි අධ්‍යයනය කිරීමෙන් පරිගණක විද්‍යාව පිළිබඳ විශාරද උපාධිය ලබා ගනී. ලිනස්ගේ සරසවි දිවියේ පළමු වසරේදීම අධ්‍යාපනයට බාධා පැමිණෙන්නේ ෆින්ලන්ත හමුදාවේ  මාස 11ක අනිවාර්ය නිලදාරී පුහුණු පාඨමාලාවකට හමුදාවට එක් වීමට සිදුවීමත් සමඟය. හමුදාවේදී දෙවන ලුතිනන් ධුරයක් හා අවි පාලකයෙකු ලෙස, තුවක්කු ස්ථානගත කිරීම, ඉලක්ක ගණනය කිරීම ගමන්පථ ආදිය සම්බන්ද ගණන කිරීම් සිදුකරන්නෙකු හා අවසානයේ අවසානයේ වෙඩි තබන ස්තානය පෙන්වාදෙන්නෙකු බවට පත්වීය. 1990 දී නැවත ඔහු සරසවි අධ්‍යාපනය ඇරඹුවේය. ඔහු UNIX පිළිබඳව මුල්වරට අත්දැකීම් ලබාගන්නේ ඩිජිටල් උපකරණ නීතිගත සංස්ථාවේ MicroVAX පරිගණකයක ULTRIX මෙහෙයුම් පද්ධතිය ඇසුරිණි.ඔහුගේ ශාස්ත්‍රීය නිබන්ධනය තේමාව වූයේ ලිනක්ස්: අතේ ගෙන යාහැකි මෙහෙයුම් පද්ධතිය යන්නය.
ඔහුගේ පරිගණක පිළිබඳ උනන්දුව ඇරඹෙන්නේ Commodore VIC-20.පරිගණකයක් සමඟින්ය.VIC-20ට පසුව ඔහු Sinclair QL පරිගණකයක් මිලදී ගෙන එය බොහෝ සෙයින් නවීකරණය කලේය.විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය විශාල වෙනස්කම් වලට භාජනය විය. ඔහු ඇසෙම්බ්ලි පරිගණක භාෂාවක් , QL සඳහා පාඨ සකසනයක් සහ පරිගණක ක්‍රීඩා කිහිපයක් නිර්මාණය කිරීමට සමත්විය. ඔහු Pac-Man පරිගණක ක්‍රිඩාවට සමාන Cool Man නම් ක්‍රීඩාවක් නිර්මාණය කිරීමෙන්ද ප්‍රසිද්ධියට පත්විය. 1991ජනවාරි 2 වෙනිදා ඔහු Intel 80386 පදනම් වූ IBM PC පරිගනකයක් මිලදී ගත්තේය. අනතුරුව මාසයක්ම ගතකලේ Prince of Persia ක්‍රීඩා කිරීමෙන්ය. ඔහුගේ මිනික්ස් පිටපත ලැබුණු පසු එය ඔහුගේ ලිනක්ස් වැඩකටයුතු ඇරඹීමට පිටුවහලක් විය.

ට්‍රාන්ස්මෙටා ප්‍රදේශයට යාමෙන් අනතුරුව ලිනස් කැලිෆෝනියාහි සමාගමක වැඩ භාර ගෙන 1997 පෙබරවාරි සිට 2003 ජුනි දක්වා එ‍හි සේවය කලේය. පසුව ඔහු පසු කාලීනව නිදහස් ප්‍රමිති සමූහය හා එක්ව ලිනක්ස් පදනම් ආයතනය බිහිවූ, විවෘත මූල සංවර්ධන පරීක්ෂණාගාරයේ සේවය කලේය. 2004 ජුනි මාසයේදී ලිනස්ට පර්යේෂණාගාරයට ගමන් පහසුව සඳහා ටොවරල්ඩ්ස් සහ ඔහුගේ පවුල ‍පදිංචිය පෝලන්තයේ ඔරේගන් නගරයට වෙනස් කරයි. 1997 සිට 1999 දක්වා කාලය තුල ඔහු 86open නම් ලිනක්ස් සහ යුනික්ස් සඳහාවූ ද්වීමය සම්මතයක් තෝරා ගැනීම සඳහා සම්බන්ධ වී සිටියේය.

ලිනක්ස් පාදකවූ මෘදුකාංග නිර්මාණය කරන ප්‍රධාන සමාගම් දෙක වූ Red Hat සහVA Linux ඔහුගේ නිර්මාණයට කෘතගුණ සැලකීමක් වශයෙන් සමාගම් දෙකෙන්ම සමාගම් කොටස් තෑගිකරන ලදී. 1999දී ආයතන දෙකම කොටස් මහජනයාට විවෘත කල අතර ‍ඒ සමඟම ටොවල්ඩ්ස්ගේ කොටස්වල සඵල වටිනාකම ඉහලගොස් ඩොලර් මිලියන 20 පමණ වීය.
ඔහුගේ පෞද්ගලික මැස්කොට් වූයේ පෙන්ගුවින් සත්වයෙකි. නම් කරනු ලැබ ඇත්තේ ටක්ස් යනුවෙනි. ටක්ස් , ලිනක්ස් සමාජය විසින් ලිනක්ස් කර්නලයේ මැස්කොට් ලෙස පිළිගන්නා ලදී.
ටොවල්ඩ්ස් "විවෘත මෘදුකාංග යනු මෘදුකාංග භාවිතාකල හැකි හොඳම මඟ" යැයි ටොවල්ඩ්ස් විශ්වාස කලද ඔහු "හොඳම ආම්පන්නය අවශ්‍ය කාර්යය සඳහා " යොදවන බවද එය වානිජ මෘදුකාංගයක් වූවද විය හැකි බව පවසා ඇත. ඔහු වානිජ මෘදුකාංග වලට පක්ෂව කතාකිරීම හා භාවිතා කිරීම සම්බන්දයෙන්ද නොයෙක් විවේචනවලට ලක්වී ඇත. ලිනක්ස් කර්නලයේ අනුවාද හසුරුවන මෘදුකාංගය වන BitKeeper එවැනි අවස්ථාවකට උදාහරණයකි. කෙසේවූවද ටොවල්ඩ්ස් විසින් BitKeeper සඳහා නිදහස් මෘදුකාංගයක් නිර්මාණය කරන ලද අතර එය Gitය. ටොවල්ඩ්ස් නිල වශයෙන් GNOME පිළිබඳව අදහස් එ‍හි නිල ඊ-මේල් ලැයිස්තුවට කරුණු දක්වමින් ඔහු පරිශීලකයින් KDE සඳහා යොමුකිරීමට දිරිගන්වන බව පවසා ඇත. කෙසේවූවද ටොවල්ඩ්ස් KDE 4.0 හි පරිණත බව ප්‍රමාණවත් නොවීම නිසා ඇතිවූ අසාර්ථකත්වය හේතුකොට ගෙන තාවකාලිකව GNOME භාවිතා කලේය.

Freakx - Linux බලට පත්වූ අයුරු

මෙය නිර්මාණය කරනෙයෙහි පුරෝගාමීයා ලෙස යටයුතු කරනු ලැබූ ලිනස් ටොවල්ඩ්ස් හට මෙය නම්කිරීමට අවශ්‍ය වූයේ Free (නිදහස් යන අරුතින්) Freak සහ X අකුරු වල එකතුවකිනි. එය Unix නාමයට බෙහෙවින් සමාන වන නිසාවෙයි. ඒ අනුව ඔහු Freakx ලෙස මෙය නම් කරනු ලැබීය. එහෙත් මෙම ප්‍රධාන කේත සමූහය අඩුංගු කර්නලය ගබඩා කරනු ලැබුයේ ඔහුගේ මිතුරෙක් විසින්ය. ඔහු මෙම සර්වරයෙහි FTP පාලන කරන අරි ලෙම්කේ විය. මෙහු විසින් මෙම කර්නලය සර්වරයෙහි තැප්පත් කර වූ Folder එක නම් කර තිබුනේ Linux ලෙසටය. ඒ අවුම මෙය Linux බවට පත්විය.

පුද්ගලික ජීවිතය

ලිනස් ටොවල්ඩ්ස්ට සය වරක් ෆින්ලන්ත කරතේ ශූරිය වූ ටෝව් ටොවල්ඩ් හමුවන්නේ 1993 සරත් ඍතුවේදීය. ටොවල්ඩ්ස් පරිගණක විද්‍යාගාරයේ සිසු සිසුවියන්ට ආරම්භක අභ්‍යාසයක් පවත්වමින් තමන්ට ඊ-මේල් පණිවිඩයක් පරීක්ෂාව සඳහා එවන ලෙස ඉල්ලා සිටියේය. ටෝව් ප්‍රතිචාර දක්වන්නේ ඔහු හමුවී කතාකිරීමට වෙලාවක් ඉල්ලමිනි. පසුව ටෝව් සහ ලිනස් විවාහයෙන් දරුවන් තිදෙනෙකු ලදහ. ඔවුන් පිළිවෙලින් පැට්‍රීෂියා, ඩැනියෙලා හා සෙලෙස්ටෙ වෙති.

සම්මුඛ සාකච්ඡාවකදී ටොවල්ඩ්ස් ඔහුවම මෙසේ විස්තර කරයි " සම්පූර්ණයෙන්ම ආගමික අදේවවාදියෙක් " තවදුරටත් "මම හිතන හැටියට මිනිස්සු හිතනවා ආගම මිනිසුන්ගේ අභ්‍යන්තර ගුණාංග දියුණු කරනවා කියල, සදාචාර සම්පන්න කරනවා කියල. ඒත් ‍මම ඒ දෙකම විචේචනය කරනවා. ඒක මිනිසුන්ට නිදහසට කාරණයක් සපයනවා "අහෝ, සොබාවධර්මය නිර්මාණය කරදුන් හැටි " සහ එම නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය ආශ්චර්ය‍ක් ලෙස දකිනවා. මම පිළිගන්නවා "විශ්වාස කල නොහැකි දෙයක් එකවරම සිදුවීම පුදුමාකාරයි" යන කාරණය ගැන. මම හිතනවා අපිට පුළුවන් සදාචාරවත් වෙන්න ආගම සම්බන්ධ කරගන්නෙ නැතිව, මනාව සැකසුනු ආගමකින් විශේෂයෙන් සදාචාරයට අයහපත් දේවල් එන්න පුළුවනි. මා සැබවින්ම බයයි මනාව සැකසුනු ආගම්වලට මොකද එය බලය අනිසි ලෙස භාවිතා කරන්න පාර කපන්න පුළුවන් නිසා. " තවත් එකතු කරමින් ඔහු කියා සිටියේ යුරොපයේ එය බොහෝදුරට පුද්ගලික ගැටලුවක් පමණක් වූවද විශේෂයෙන්ම ඇමරිකාවේ ආගම ඕනෑවටත් වඩා දේශපාලනීකරණය වී ඇති බවයි.

මොහුට ඇති පිළිගැනීම

  • 1996දී ලිනස් ටොවල්ඩ්ස්ට ගරුකිරීමක් වශයෙන් 9793 ටොවල්ඩ්ස් ග්‍රාහකයනම් කරන ලදී.
  • 1997දී හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ පරිගනක විද්‍යා අංශයෙන් විශාරද උපාධිය ලබාගනී.
  • 1998දී EFF Pioneer සම්මානය හිමිකරගනී.
  • 1999දී ස්ටොක්හෝම් සරසවියෙන් ගෞරව ආචාර්ය පදවියක් ප්‍රදානය කරයි.
  • The 1999 දී නීල් ස්ටෙෆන්සන් විසින් ලියූ Cryptonomicon නවකතාව ෆින්ලන්තයේ නිපදවන ලද "ෆිනුස් " නම් ලිනක් ස් වැනි මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන චරිත කිහිපයකින් සමන්විත වෙයි.
  • 2000දී හෙල්සින්කි සරසවියෙන් ගෞරව ආචාර්ය පදවියක් ප්‍රදානය කරයි.
  • 2000 ඔහු Lovelace Medalට සුදුසු කම් ලබා ගනී.
  • Time සඟරාවේ සියවසේ පුද්ගලයා තේරීමේ මත ඡන්දය ‍ ටොවල්ඩ්ස් 17 වෙනියා ලෙස අවසන් විය.
  • 2001දී [සමාජයීය/ආරථික ක්ෂේත්‍රය සඳහාවූ [ටකෙඩා සම්මානය] සඳහා රිචඩ් ස්ටෝල්මන් සහ කෙන් සකමුරා සමඟ සම සුදුසුකම් ලැබුවේය.
  • 2004දී ටයිම් සඟරාවේ ලිපියකින් ලෝකයේ වැදගත්ම පුද්ගල‍යන් අතරින් කෙනෙකු ලෙස නම් කරන ලදී. "Linus Torvalds: The Free-Software Champion" by Lawrence Lessig
  • 2004 දී පැවැත්වුනු හොදම ෆින්ලන්ත ජාතිකයා තේරීමේ ඡන්ද විමසීමෙදී ටොවල්ඩ්ස් 16 වැනි ස්ථානයට හිමිකම් කීවේය.
  • 2005දී BusinessWeek මගින් කරන ලද සංගනණයකින් හොඳම කළමනාකරුවන් අතරින් ‍කෙනෙකු බව හෙළිවිය.
  • 2005 අගෝස්තු මාසයේදී ටොවල්ඩ්ස් Vollum සම්මානය රීඩ් විද්‍යාලයෙන් ලබාගනී.[29]
  • 2006දී Business 2.0 සඟරාවෙන් ඔහුව "10 people who don't matter"ලෙස නම් කරන ලද්දේ ලිනක්ස් වල වර්ධනය හේතුකරගෙන ලිනස්ගේ තනිපුද්ගල බලපෑම අඩුවීම නිසාය. 
  • 2006 දී , ටයිම් සඟරාවේ යුරෝපීය මුද්‍රණය ඔහුව පසුගිය අවුරුදු 60 පෙරළිකාර වීරයෙකු ලෙස නම් කලේය
  • 2008දී ඔහුගේ නම කැලිෆෝනියාවේ මවුන්ටන් වීව් හි පරිගනක ඉතිහාස කෞතුකාගාරයේ| නාමාවලියට ඇතුලත් විය .


මෙහි ඇති තොරතුරු බොහොමයක් විකිපේඩියාව අසුරින් ලබාගත් තොරතුරුය. ඔබ අප කවුරුත් භාවිත කරන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියෙහි මූල බීජය නිපැයූ ලිනස් ටොවල්ඩ්ස් සැහි ගැන්වීමක් ලෙස මෙය ඔබය ඉදිරි පක් කලෙමි. වර්ථමානය සුන්දර වන්නට ආතීතය තුල තම කාලය, ධනය, ශක්තිය කැප කර පිරිස පොහොමය. පරිගණක තාක්ෂණය ගොඩ නැන්වෙන්නේ මෙවන් පුරෝගාමී පුද්ලයක් රාශියක එකතුවකිනි.

  

 Unix System / Linux Beginners - මෙහෙයුම් පද්ධතිය

Unix හි (නිලලත් Trademark එක UNIX වන අතර, ඇතැම් විට Unix ලෙස ලියන අවස්ථාද ඇත. විවිධ කටයුතු, විවිධ ප්‍රයෝජන සදහා මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය මුලින් නිර්මාණය කරන ලද්දේ 1969 වර්ෂයේදී AT&T කණ්ඩායමෙහි සේවය කරන ලද Ken Thompson, Dennis Ritchie, Brian Kernighan, Douglas McIlroy සහ Joe Ossanna යන පිරිස විසිනි. අරම්භයේදී මෙම මෙයෙහුම් පද්ධතිය ගොඩ නැගුණේ Assembly language එකක් වශයෙනි. එහෙත් 1973 වර්ෂයේදී මුළු මුලින්ම පාහේ C Programing Language එක මත නිර්මාණය කරන ලදි. මෙය දියුණු කිරීමට සහ දෘඪාංග අතර තිබෙන පහසුකම් වැඩි දියුණු කිරීමට මෙය දායක කරගන්නා ලදි. අද වන විට Unix system එක විවිධ කොටස් වලට වෙන් වෙන්ව තිබෙනවා. AT&T හි නිර්මාණක කාලය සමග විවිධ වාණිජමය සංවිධාන, උසස් අධ්‍යාපන ආයතන ( University of California සහ Berkeley Software Distribution) සහ ලාභ උපයා ගැනීම සදහා නොවන. විවිධ සංවිධාන විසින් Unix වැඩි දියුණුවට ක්‍රියාකළේය. 

The Open Group කර්මාන්ත අයතන විසින් UNIX trademark හි මූල්‍යමය හිමිකාරත්වය දරයි. මෙහි ක්‍රියාපිළිවෙල පමණක් එකගතායවන්ට අනුව Single UNIX Specification කොන්දේසී සහිතව trademark එක භාවිත කල යුතුයි. අනෙකුත් පාර්ශවයන්ට මෙය Unix system-like හෝ Unix-like ලෙස භාවිත කරලීමේ පහසුකම් ලබුණද එයට The Open Group හි විරුද්ධත්වය එල්ල විය. කෙසේ නමුත් සෑම මෙහෙයුම් පද්ධතියක්ම trademarked system එකට සමීප සමානකම් තිබෙයි.

1970 අවසාන භාගයෙහි සිට 1980 අතර තුර කාලයේදී, Unix අකාර්යක්ෂම සමූහයක් වශයෙන් කටයුත් කළත්, මේ අතර තුර කාලයේදී මෙය විශාල ප්‍රමාණයක් පිළිගැනීමට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැක්කේ, University of California, Berkeley මේ සදහා අත ගැසීමයි. එය ව්‍යාපාරික කටයුත්තක් සදහාය. ඉතා විශිෂ්ට Solaris, HP-UX සහ AIX, එසේම, Darwin (operating system), Apple's Mac OS X, Apple TV, සහ iOS මතුපිට අත්තිවාරම වශයෙන් Unix ක්‍රියාකරයි. මේ අතරෙන් වැඩියෙන්ම Unix භාවිත කරන්නේ Linux මෙහෙයුම් පද්ධති විශේෂ තුළය. අප විසින් භාවත කරන Power Data Centers, Desktops, Mobile Phones, And Embedded Devices ඒ වගේම Routers, Set-top Boxes හෝ E-book Readers යටතේ Unix පද්ධති භාවිත කරලීම සිදුකරයි. අද වන විට සහතික කරන ලද සංකලනය කලින් සදහක් කල ආකාරයට Unix-like Operating Systems එසේම MINIX, Linux, Android සහ BSD පරම්පරාවෙහි නිර්මාණ අතර වන FreeBSD, NetBSD, OpenBSD සහ DragonFly BSD Unix පොදුවේ මුණගැසීම සිදුවේ. පරම්පරාගත ආකාරයට Unix හෝ Operating System විස්තර කිරීම සදහා Version 7 Unix UNIX System V මුහුණුවර දැක්විය හැකියි.

Unix මෙහෙයුම් පද්ධතිය වැඩියෙන්ම භාවිත කරන්නේ Server, Workstation සහ Mobile Device සදහාය. Unix මෙහෙයුම් පද්ධතියෙහි Environment සහ Client–server වැඩසටහන් අකෘතිය මූලික වශයෙන් අන්තර්ජාලය Interent සහ පරිගණකයක් මූලිකාංග පද්ධතියක් Network එකක් සේ හැඩගැන්වීම සදහා Reshaping වැඩා වැඩියෙන් පෞද්ගලික පරිගණක සදහා ක්‍රියාකරවයි.

පටන්ගැනීමේදී Unix නිර්මාණය යූයේ පරිගණක ක්‍රමලේඛන සදහා අවශ්‍ය විවිධ Application - යෙදයුම් මෘදුකාංග ක්‍රියාත්මක කරගැනීම සදහා අවශ්‍ය වට පිටාව සකස් කරගැනීම සදහාය. එහෙත් මෙය මෙතාක් Operating System එකක් බවට දියුණු වීමට හේතුපාදක වී තිබෙන්නේ පරිශීලයන් විසින් සදහා ඔවු නොවුන්ගේ දැනුම් සම්භාරයෙන් නිර්මාණය කරගත් විවිධ ක්‍රියාපිළිවෙත් එකතු කරමින් එකි නෙකා ඇතර හුවමාරු කරගනිමින් Unix සදහා හවුලකාරයන් බවට පත්වීමයි. 

Unix සහ C programming language ද්ත්වය වැඩිදියුණු කරන ලද්දේ AT&T විසිනි. මෙය බෙදාහැරීම රාජය සහ ශාස්ත්‍රඥ (academic) අයතන සදහා සීමා විය. එකල පැවති විවිධ වර්ගයේ උපකරණ ක්‍රියාකරවීමට අනෙකුත් මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව ඉහළ අගයට පැවතුණි. ඒ නිසාවෙන් Unix මෙහෙයුම් පද්ධතියක තුල්‍යාර්ථික (synonymous) ලෙසට පත්විය.

Unix මෙය නිර්මාණය කරන ලද්දේ Portable, Multi-tasking Multi-user සහ Time-sharing පහසුකම් සහිතවයි. Unix පද්ධතියක් විවිධ සංකල්ප ඔස්සේ විදහා දැක්වීමේ හැකියාවත් පවතිනවා. දත්ත ගබඩා කිරීම සදහා plain text භාවිත කිරීම, දූරානුක්‍රමව යොදා තිබෙන File System එක, Device සහ Inter-Process Communication (IPC) ෆයිල් එකක් ලෙස සැලකීම, Software Tools විශාල ප්‍රමාණයක් භාවිත කරීම, මේ නිසාවෙන් කුඩා මෘදුගාංයක් දිගින් දිගටම Command Line Interpreter මගින් සම්පූර්ණයෙන් වැඩි දියුණු කර සකස් කිරීමේ හැකියාව ලැබීමට පුළුවන. එකම ක්‍රියාවත් සදහා විරුද්ධව නැගී සිටින මෘදුකාංගයන් මේ නිසාවෙන් ස්‍රීග්‍රතාවයෙන් සමාන වීම සිදුවේ. මෙය සංකල්පය Unix philosophy නමින් අප දැනුවත් විය යුතුයි. Kernighan සහ Pike summarize මොවුන්ගේ සංකල්පය වන The Unix Programming Environment, මෙම පද්ධතියෙහි අනෙකුත් මෘදුකාංග සදහා සහභාගිත්වයෙන් මෙතරම් දුරක් පැමිණිමට වඩාත් වැදගත් වු අසහසක් ලෙස හදුන්වනු ලබයි.

බොහොමයත් මෙයෙහුම් පද්ධති සදහා දායක කරගන්නා Kernel, මෙම Unix යටතේ ක්‍රියාකාරීත්වය ලබයි. මෙමගින් Kernel හි විවිධ utilities රාශියක් master control program යටතේ ක්‍රියාත්මක වීම සිදුවේ. මෙමගින් පරිගණකයේ File System එක සහ අනෙකුත් පොදු ක්‍රියාකාරකම් බොහොමයක් මෙම Unix පාදක කරගනිමින් සිදුවේ. Linux මෙහෙයුම් පද්ධතියේ කොදු නාරටිය ලෙස හදුන්වන මෙම Linux Kernel ඔබ දැනටමත් මේ ගැන දන්නවා ඇති, Unix යගේ දෘඪාංග පාලයන සහ මෘදුකාංග ක්‍රියාකාරිත්මව තව තවත් දියුණු කිරමින් Linux Kernel ගොඩ නැගෙමින්, Linux Kernel උපයෝගී කරගනිමින් විවිධ Linux මෙහෙයුම් පද්ධති නිර්මාණය කරලීම සිදු කරයි. 

මෙම යුගයෙදි භාවිත කරනු ලැබු සාමාන්‍ය පරිගණකයක දෘඪ තැටිය දත්ත ගබඩා කිරීමේ මාදයක් ලෙස භාවිත කරනු ලැබූ අතර ආදාන සහ ප්‍රතිදාන උපක්‍රම යුගලය සදහා I/O ලෙස හදුන්වන Input Output ක්‍රියාවලිය සදහා data terminal භාවිත කරනු ලැබුවෙමි. මෙම Unix file ආකෘතිය නියම ආකාරයෙන් ක්‍රියාත්මක විය. Line එකක් ලෙස භාවිත කරනු මෙය, පසු කලෙක පද්ධති වර්ධනයත් සමග Networking සහ Other device භාවිතයට ගැනිණි. මෙය graphical interfaces එකක් බවට දියුණු කර තිබුණි. මෙම File ආකෘතිය ක්‍රියාකාරිත්වය සදහා තරමක් අපහසු නිසා පසු කලෙක Mouse (computing) මෙහි ක්‍රියාකාරිත්වයට පැමැණියේය. 

1960 වසරේදී Massachusetts Institute of Technology, AT&T Bell Labs සහ General Electric යටතේ දියුණු කිරීම සමගින් පායෝගික පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සකස් කරන මෙහෙයුම් පද්ධති නම් කරන ලද්දේ Multics ලෙසිනි. මෙය GE-645 mainframe පරිගණක බල ගැන්වීම සදහා යොදාගන්නා ලද පද්ධති වේ. Multics විසින් බොහෝ පද්ධති සදහා නවතැන් සැපයුවත් බොහොමයක් ප්‍රශ්න තිබුණි. මෙසේ ආරම්භ කරවූ මෙය, වඩාත් නිවැරදි ආකාරයෙන් ගැටලු සහ දෝෂ සහිත තැන් නිවැරදි කරමින් අද වන විට පත්ව තිබෙනවා. මේ අකාරයෙන් Unix හි ගමන කෙටියෙන් විස්තර කර දැක්වීමට පුළුවනි. වසර 40 කට වැඩි සේවා කාලයක් සපිරි Unix අදටත් යාවත්කාලීන කරමින් The Open Group යටතේ ක්‍රියාත්මකයි.

Ubuntu - Linux For Human Beings

නිදහස් මෘදුකාංග වල තිබෙන අගය ඔබ විසින් නොහදුන නිසාවෙන් ඒවා භාවිතයෙන් ඈත්ව සිටියත් එය මුදල් මත යැපෙන අනෙකුත් මෘදුකාංගය විශේෂයන්ට වඩා ප්‍රභල බව මෘදුකාංග ක්ෂේත්‍රයේ නිහැලෙනන් නොදන්න හරසකි. ඔබ හැම දෙනාටම මීට පෙර ලිපියෙන් නිදහස් මෘදුකාංගක ක්ෂේත්‍රය් මහා පෙරලියක් ඇති කර තිබෙන Linux මෙහෙයුම් පද්ධතිය ගැන විස්ථර කලා මතක ඇති. ඒ නිසාවෙන් ඔබ සියලු දෙනා මේ වන විට දැනගෙන සිටිය යුතු කරනක් තමයි Linux Kernel සම්බන්ධයෙන්, Linux Kernel කොදු නාරටිය කරගනිමින් විවිද වූ මෙහෙයුම් පද්ධති ගෙඩනැගුනත් විශාල පිරිසක් ආකර්ෂණ කරගත හැකි සේවාවත් සපයන Ubuntu මෙයෙහුම් පද්ධතිය ගැන ඔයාලා හැමෝම දන්නවා ඇති. අපේ පරිගණකයේ නිතර භාවිත කරන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාවිරහිත වීමදී අවශ්‍ය ෆයිල් බැකප් කර ගැනීමට සදහා Ubuntu Live CD එකක් භාවිත කරපු අය ඇති අපි අතර ඕන තරම්. ඔයාලට මම අද කියන්න බලාපොරොත්තු වන්නේ මෙම Ununtu මෙහෙයුම් පද්ධතිය ගැන ඔයාලා දැනගත යුතු කරණු කිහිපයකි.

උබුන්ටු යනු ඩේබියන් ජී.එන්.යූ / ලිනක්ස් බෙදාහැරීම මත පදනම් වූ පරිගණක මෙහෙයුම් පද්ධතියකි. එය නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් ලෙස බෙදා හරිනු ලබන අතර ඒ සමඟ වානිජ මෘදුකාංග ද ඇත.

දකුණු අප්‍රිකානු උබුන්ටු("ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්") දර්ශන විද්‍යාවට අනුව මෙම නම ලැබී ඇත. විශේෂයෙන්ම උබුන්ටු ඩෙස්ක්ටොප් පරිගණක සඳහා නිර්මාණය කර ඇති නමුත් නෙට්බුක් හා සේවාදායක පරිගණක සඳහාද සංස්කරණයන් පවතී. අන්තර්ජාල දත්ත අනුව තම ඩෙස්ක්ටොප් පරිගණකය සඳහා ලිනක්ස් භාවිතා කරන්නන්ගෙන් සියයට 50ක් පමණ උබුන්ටු භාවිතා කරන අතර උබුන්ටු වෙබ් සේවාදායක පරිගණක භාවිතා කරන්නන්ගේ සංබ්‍යාවද දිනෙන් දින වැඩිවෙමින් පවතී.

උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ගොඩනැගීම සඳහා මෘදුකාංග පැකේජ බොහොමයක් භාවිතා කර ඇති අතර ඉන් බහුතරය නිදහස් මෘදුකාංග බලපත්‍රයක් ( නිදහස් මූලාශ්‍ර ලෙසද හඳුන්වයි)යට‍තේ බෙදාහැරි මෘදුකාංග වේ. එහිදී ප්‍රධාන වශයෙන්ම GNU General Public License (GNU GPL) බලපත්‍රය සමග GNU Lesser General Public License (GNU LGPL) භාවිතා කර ඇත. එම බලපත්‍ර මගින් පරිශීලකයන් හට මෙම මෙහෙයුම් පද්ධතිය පරිහරණය කිරීමේ, පිටපත් කිරීමේ, බෙදාහැරීමේ, ගවේශනයේ, වෙනස් කිරීමේ හා ගොඩනැගීමේ අයිතිය පැහැදිලිවම ලබා දී ඇත. උබුන්ටු සඳහා දකුණු අප්‍රිකානු ව්‍යාපාරිකයකු වන මාර්ක් ෂට්ල්වර්ත් ට අයත් කැනොනිකල් ලිමිටඩ් යන එංගලන්ත ආයතනය අනුග්‍රහය දක්වයි. එකී කැනොනිකල් ලිමිටඩ් ආයතනය උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සඳහා තාක්ෂණික අවශ්‍යතාවයන් සහ සේවා සැපයීම මගින් ආදායම් ලබයි.

එසේම තවත් උබුන්ටු ව්‍යුත්පන්නයන් තුනක් සඳහා කැනොනිකල් ආයතනයේ අනුමැතිය හා සේවාවන් ලබාදේ: කුබුන්ටු, එඩියුබුන්ටු (උබුන්ටු අධ්‍යාපනික සංස්කරණය ලෙසද මෙය හඳුන්වයි) සහ උබුන්ටු සර්වර් සංස්කරණය. ඊට අමතරව ස්වභාෂිත සහ සමහර දෘ‍ඪාංග සඳහා සුවිශේෂිත වූ මෙහෙයුම් පද්ධති ඇතුළු තවත් ව්‍යුත්පන්නයන් කිහිපයක්ම පවතී.


කැනොනිකල් ආයතනය සෑම මාස හයකට වරක් උබුන්ටු නව අනුවාදයක් නිකුත් කරනු ලබන අතර මාස දහඅටක් ගතවන තුරු ආරක්ෂක ප්‍රතිස්ථාපනයන්, ක්‍රමලේඛයක, පද්ධතියක හෝ වැඩසටහනක ඇතිවන අවදානම් සහගත දෝෂ නිවාරණයන් හෝ සුළු නවීකරණයන් ඇතුළු අළුත්වැඩියාවන් සපයමින් සේවා දායකත්වය ලබාදේ. ඊට අමතරව සෑම අවුරුදු දෙකකට වරක් දිගුකාලීන සේවා (දි.කා.සේ.) අනුවාදයක් නිකුත් කරනු ලබන අතර එමගින් ඩෙස්ක්ටොප් සංස්කරණ සඳහා අවුරුදු තුනකටද සර්වර් සංස්කරණ සඳහා අවුරුදු පහකටද සේවාවන් සපයනු ලබයි. උබුන්ටු 10.10 අනුවාදය (මැවෙරික් මීර්කට්), 2010 ඔක්තෝම්බර් මස 10වන දින නිකුත් කරන ලදී. උබුන්ටු නවතම අනුවාදය වන උබුන්ටු 11.10 (ඔනිරික් ඔසිලට්), 2011 ඔක්තෝම්බර් මස 13 වන දින නිකුත් කරන ලදී.

ඉතිහාසය සහ සංවර්ධන ක්‍රියාපටිපාටිය

උබුන්ටු ආරම්භ වුයේ ඩේබියන් පාදක කරගෙනයි. මෙහි ඉලක්කය වුයේ සැම මාස 6 කට වරක්ම නව බෙදාහැරිමක් ලබාදිමයි. මෙහි අරමුණ පරිශීලකයන් වෙත සෑමවිටම නවතම තාක්ෂණය ලඟා කර දීමයි. මෙහි ප්‍රථම බෙදාහැරීම 2004-10-20 වැනිදා නිකුත් විය.
උබුන්ටු බෙදාහැරිම් සැමවිටම නවතම ජීනෝම් අතුරුමුහුණත සමඟ පැමිණේ. මෙය අනෙකුත් ඩේබියන් බෙදා හැරීම් වලට වඩා වෙනස් වන්නේ එබැවිනි. නාමිකව එම්පිස්, ක්ඇන්ඩ්රෝස්, ලින්ස්පියර්, පොගෙන්සි හා ලිබානෙට්. මෙවා බොහෝ විට සංවෘත කේත හා මුල්‍යපාදක බෙදාහැරීම් විය. නමුත් උබුන්ටු, ඩේබියන් හි සංකල්පයට වඩාත්ම ගැලපෙන පරිදි බොහෝ විට නිදහස් මෘදුකාංග පමණක් භාවිතා කරයි.

බෙදාහැරීම පිළිබඳව

උබුන්ටු ඩේබියන් ලිනක්ස් මත පදනම් වූ නිදහස් මෙහෙයුම් පද්ධතියකි. එහි නාමය 'සූලූ' වචනයක් මත තීරණය වි ඇත. මෙහි අර්ථය, අන් අයට මානුෂිකත්වය ලෙස සරලව දැක්විය හැක. උබුන්ටු සංකල්පය වන්නේ, මා, මා වන්නෙ මා අවට සිටින අන්‍යයන් නිසාය ලෙස සමාජය පිලිබදව යහපත් ආකල්පයක් ලබා දීමයි.

උබුන්ටු වල මූලික අරමුණ නවතම ස්ථාවර මෙහෙයුම් පද්ධතියක් සාමාන්‍ය භාවිත කරන්නන් වෙත ලබා දීමයි. මෙහිදි, පද්ධතියේ භාවිත කිරීමෙ පහසුවත්, ස්ථාපනය කිරීමෙ පහසුවත් පිළිබදව වැඩි අවධානයක් යොමු කර ඇත. උබුන්ටු වඩාත්ම ප්‍රචලිත ලිනක්ස් බෙදාහැරීම ලෙස වාර්තාගත වී ඇත්තේ සියළුම මෙහෙයුම් පද්ධති භාවිත වලින් 30% පුමාණයකට හිමිකම් කීමෙනි.

උබුන්ටු නිදහස් හා ව්වෘත මෘදුකාංග එකතුවකි. එහි අර්ථය මෙය නිදහසේ බාගත කිරීමට, රිසි පරිදි භාවිතා කිරීමට, බෙදා හැරීමට හා නවීකරණයට ඔබට නීතිමය බාධාවක් නොමැති බවයි. තවදුරටත් මෙහි කේත නොමිලේ ලබා ගැනීමට, දියුණු කර නැවත බෙදා හැරීමටද පුළුවන. උබුන්ටු සඳහා මූල්‍යමය ආධාර ලබා දෙනුයේ ඇමරිකානු කැනෝනිකල් ආයතනය මගිනි. මෙම ආයතනය දකුණු අප්‍රිකානු ව්‍යවසායකයකු වන මාක් ෂටල්වර්ත් මහතා සතු ආයතනයකි. කැනෝනිකල් ආයතනය උබුන්ටු මිලට දිමෙන් තොරව, මුදලට කාර්මික සහය ලබාදිමෙන් ලාභ අපේක්ෂා කරයි. මෙය නිදහස් මෘදුකාංගයක් නිසා ආයතනයට ලොව පුරා සිටින නිදහස් මෘදුකාංග පාර්ශ්වකරුවන්ගේ (ලිනක්ස්, ඩේබියන්, ජීඑන්යු) සහය ලබා ගත හැක. මෙ නිසා සම්පුර්ණ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරිමේ අවශ්‍යතාවයක් ඔවුන්ට නැත.

කැනෝනිකල් ආයතනය උබුන්ටු මත පදනම් වු බෙදාහැරීම් හතරකට කාර්මික සහය ලබා දේ. නාමිකව කුබුන්ටු, ක්සුබුන්ටු, එඩියුබුන්ටු, උබුන්ටු 'ජුස්' සැම මාස 6 වරක්ම කැනෝනිකල් ආයතනය නව උබුන්ටු නිකුත්කිරිමක් හදුන්වා දේ. මෙම නිකුතු සඳහා මාස 18 කාලයක් දක්වා කැනොනිකල් මගින් යවත්කල් සපයයි. මෙහිදි ආරක්ෂක යවත්කල්, සංකිර්ණ නිවැරදි කිරීම් ආදිය පාරිභෝගිකයාට නොමිලයේ ලබා ගත හැක.
දැනට භාවිතා වන නවතම බෙදා හැරීම 11.10 වේ. (2011 ඔක්තෝම්බර් මස 13 වැනි දා)

ඉතිහාසය හා ගොඩනැගීම

උබුන්ටු, ඩේබියන් ව්‍යාපෘතියේ කේත මූලධර්මයන්ගෙන් පැවත එන්නකි. නිරන්තර නවීකරණයන්ගෙන් යාවත්කාලීන වූ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීම, සෑම මාස හයකට වරක්ම උබුන්ටු නව අනුවාදයක් නිකුත් කි‍රීමේ මූලික අරමුණයි. 2004 ඔක්තෝම්බර් මස 20 වන දින උබුන්ටු මංගල අනුවාදය එළිදක්වන ලදී.
GNOME නව අනුවාදයක් නිකුත් කිරීමෙන් මසකට පමණ පසුව උබුන්ටු එළිදැක්වීමක් සිදුවේ. සමහර වානිජ දෘඪාංග ධාවක හැරුණු විට, වානිජ සහ රහස්‍ කේත වැඩසටහන් භාවිතා කරනු ලබන, ඩේබියන් ව්‍යාපෘතියෙන් පැවත එන්නාවූ අනෙකුත් ව්‍යාපෘති / නිකුතුවලට සාපේක්ෂව උබුන්ටු සඳහා මූලික වශයෙන් නිදහස් මෘදුකාංග භාවිතා කරයි].

ඩේබියන්හිඅස්ථායි අංශයන්ගෙන් සමන්විත පැකේජ, උබුන්ටු පැකේජ සඳහා පදනම වී ඇති අතර මෙම බෙදාහැරීම් දෙකම ඩේබියන්හි deb පැකේජ ආකෘතිය සහ පැකේජ කළමනාකරණ මෙවලම් (APT සහ Synaptic) භාවිතයට ගනු ලබයි. ඩේබියන් හා උබුන්ටු පැකේජ එකිනෙක කෙරෙහි ද්වීමය අනුරූපතාවයක් දැක්විය යුතු නැති නමුත් උබුන්ටු සමග භාවිතා කිරීම සඳහා .deb පැකේජයන්හී කේත නැවත ගොඩනැගිය යුතු අවස්ථාද පැන නගී. උබුන්ටු ගොඩනගන්නන්ගෙන් බොහෝදෙනෙකු ඩේබියන්හි ප්‍රධාන පැකේජ නඩත්තුකරන්නන් වේ. උබුන්ටු සඳහා ඩේබියන් ‍අන්‍යේන්‍යව උපකාරීවන අතරම සිදුවන වෙනස්කම් මගින් ඩේබියන්ද වෙනස්කම්වලට භාජනය වේ. එනමුත් එය එසේ සිදුනොවන බවටද විවේචනයන් පවතී. කලකට ඉහත ඩේබියන් නිර්මාතෘ ඉයන් මර්ඩොක් පවසා ඇත්තේ උබුන්ටුවල අනුරූපීයතාව පවත්වා ගැනීම සඳහා ඩේබියන් සර්ජ් වලට වඩා උබුන්ටු පැකේජ කෙරෙහි අවධානය යොමුකිරීම වෙනස් මගක් ගන්නා බවයි. උබුන්ටු අනුවාදයක් නිකුත් කිරීමකට පෙර දිගින් දිගටම ලබාගන්නා ඩේබියන් අස්ථායි පැකේජ, උබුන්ටු සඳහා විශේෂිත වූ වෙනස්කම්වලට ලක්කරමින් එකිනෙක සම්බන්ධ කරනු ලබයි. සෑම නිකුතුවකටම මසකට පෙරාතුව පැකේජ නවත්වා ලබාගැනීම එසේ ලබාගත් පැකේජ ගැටළුවකින් තොරව එකිනෙක ක්‍රියාත්මක වනබවට තහවුරු කරගනී.

දැනට උබුන්ටු සඳහා කැනොනිකල් ලිමිටඩ් ආයතනය මගින් ආධාර සපයනු ලබයි. 2005 ජූලි මස 8වන දින මාර්ක් ෂට්ල්වර්ත් සහ කැනොනිකල් සමාගම එක්ව උබුන්ටු පදනමේ ආරම්භය ප්‍රකාශයට පත් කළ අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ආරම්භක ආධාරයක්ද කරන ලදී. මෙම පදනම ආරම්භ කිරීමේ මූලික අරමුණවනුයේ ඉදිරි උබුන්ටු අනුවාදවල ගොඩනැගීම සහ සේවා සැපයීම තහවුරු කිරීමයි. මාර්ක් ෂට්ල්වර්ත් පවසන පරිදී මෙම පදනම "හදිසි අරමුදලකි"[කැනොනිකල් සමාගමේ දායකත්වය ඇනහිටි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට].
දැනට පවතින දිගුකාලීන සේවා(දි.කා.සේ.) නිකුතුව වනුයේ 2010 අප්‍රියල් මස 29 වන දින නිකුත් කරන ලද උබුන්ටු 10.04 අනුවාදයයි. කැනොනිකල් සමාගම විසින් සෑම අවුරුදු දෙකකට වරක්ම දිගුකාලින සේවා අනුවාදයක් නිකුත් කරනු ලබන අතර 2012 අප්‍රියල් මස නිකුත් කිරීමට නියමිත දිගුකාලින සේවා අනුවාදය Ubuntu 12.04 LTS,Precise Pangolin යන නමින් නම් කර අැත. එය 2017 අප්‍රියල් දක්වා සේවා සැපයීමට නියමිතය. 2011 ඔක්තෝම්බර් මස 13 දින නිකුත් කළ උබුන්ටු 11.10 ඔනිරික් ඔසිලට් දැනට පවතින නවීනතම සාමාන්‍ය සංස්කරණයයි.
2009 මාර්තු මස 12වන දින උබුන්ටු ප්‍රකාශ කරන ලද්දේAmazon EC2හි භාවිතා වන පරිදී තුන්වන පාර්ශවීය ක්ලවුඩ් කළමනාකරණ වේදිකාවක් සඳහා වැඩසටහන්කරුවන්ගේ අවශ්‍යතාව මතුව ඇති බවයි.

විශේෂාංග

උබුන්ටු usabilityපරිහරණය කළ හැකිබව, ආරක්ෂිත බව සහ ස්ථිරභාවය කෙරෙහි මූලිකවම අවධානය යොමු කරනු ලබයි. සජී‍වී සංයුක්ත තැටියෙන් ක්‍රියාත්මකවන අවස්ථවක සිට පරිගණකය නැවත පණ ගැන්වීමකින් තොරව පරිගණක ස්ථිර මතකයේ උබුන්ටු ස්ථාපනය කිරීම සඳහා උබික්විටි ස්ථාපිතකරණය මගින් ඉඩදෙනු ලැබේ. තවද උබුන්ටු හැකිතරම් මිනිසුන් අතරට ව්‍යාප්ත කිරීම සඳහා සුලභ කිරීම හා ජාත්‍යන්තරකරණය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත. විවිධ රෝමානු නොවන අකුරු ලිවී‍මේ ක්‍රමයන්ට උපකාරීවන UTF-8, උබුන්ටු ආරම්භය වූ 5.04 සිට පැවත එන නිත්‍ය සංකේත කේතන ක්‍රමය වේ. ආරක්ෂක විශේෂාංගයක් ලෙස සූඩෝ මෙවලම පාවිච්චි කරන ලද අතර එමගින් පරිපාලන ක්‍රියාවලි සිදුකි‍රීම සඳහා තාවකාලික වරප්‍රසාද ලබාදීම, පරිපාලක ගිනුම ආරක්ෂාකාරීව පවත්වාගෙනයාම සහ පළපුරුදු නොවන පරිහරණය කරන්නන් නොදැනුවත්ව සිදුකරන වෙනස්කම්වලින් ‍හෝ ආරක්ෂක අගුළුවිවර කිරීම් වලින් පද්ධතිය ආරක්ෂා කරගත හැකිය.[25] තවද පද්ධතිය පාලන කර ගැනීම සඳහා මඳ පරිපාලන මූලධර්මය යටතේ ඩෙස්ක්ටොප් සංස්කරණයන්හී පොලිසිකිට් මෙවලම ස්ථාපිත කර ඇත.

උබුන්ටු පරිගණකයේ ස්ථාපනයවීමේදී මාදිලි රැසක මෘදුකාංග ලැබේ. OpenOffice.org, Firefox, Empathy (උබුන්ටු 9.10 වලට කලින් සංස්කරණයන් හිPidgin ), Transmission, GIMP (උබුන්ටු 10.04වලට කලින් නිකුත් වූ සංස්කරණයන් හි) සහ තවත් සරල පරිගණක ක්‍රීඩා (සුදොකු සහ චෙස් වැනි) ඒ අතර වේ. මෙම පෙරනිමි මෘදුකාංග හැරුනු විට තවත් අමතර නිත්‍යනොවූ මෘදුකාංග බාගතකර ස්ථාපිත කරගත හැකි අතර ඒ සඳහා උබුන්ටු මෘදුකාංග මධ්‍යස්ථානය හෝ Synaptic පැකේජ කලමනාකරණය යොදාගත හැකිය. එම මෘදුකාංග දෙකම උබුන්ටු සමග ලැබෙන පෙරනිමි මෘදුකාංග වේ. උබුන්ටු සමග ලැබෙන firewall මගින් ජාලකරණ pots වැසීම සිදුකළ හැකිය. ඊට අමතරව පරිශීලකයාට රිසි පරිදී ports තෝරාගැනීමද සිදුකළ හැකිය. එසේම උබුන්ටු පරිශීලකයන් හට Gufw (සංකීර්ණ නොවූ Firewall සඳහා අතුරු මුහුණත්) මෘදුකාංගය ස්ථාපනය කරගත හැකිය. GNOME (දැනට පවතින පෙරනිමි ඩෙස්ක්ටොප්) ව්‍යවහාරික භාෂා 46කටත් වඩා වැඩි ප්‍රමාණයක් සඳහා පහසුකම් සපයයි. ‍මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සඳහා නිර්මාණය කරන ලද බොහොමයක් වැඩසටහන් (උදා මයික්‍රොසොෆ්ට් ඔෆිස්) ක්‍රියාත්මක කිරීම සඳහාද උබුන්ටු පහසුකම් සපයයි. එය Wine හරහා හෝ අතථ්‍ය යන්ත්‍රය භාවිතා කරමින්ද කළ හැකිය.(උදා VMware Workstation හෝ VirtualBox).

ස්ථාපනය

උබුන්ටු ස්ථාපනය සාමාන්‍යයෙන් සජීවී සංයුක්ත තැටි උපයෝගී කරගනිමින් සිදුකරනු ලබයි. පරිගණක ප්‍රධාන මතකයේ ස්ථාපනය කිරීමකින් තොරව සජීවී සංයුක්ත තැටියෙන් ක්‍රියාත්මක කළ හැකිවීම මෙම මෙහෙයුම් පද්ධතියේ විශේෂ ලක්ෂණයකි( නමුත් අඩු කාර්යක්ෂමතාවයකින්). එමගින් මෙහෙයුම් පද්ධතිය කොතෙක් දුරට දෘඪාංග සහ දෘඪාංග ධාවක සමග ගැලපෙන්නේදැයි පරිශීලකයන් හට පරීක්ෂා කර බැලිය හැකිය. ඊට අමතරව මෙම උබුන්ටු සංයුක්ත තැ‍ටියේ Ubiquity ස්ථාපිතකරණයද අඩං‍ගුවේ. එමගින් පරිශීලකයන් හට මෙහෙයුම් පද්ධතිය ස්ථිර මතකයේ ගබඩා කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වනු ලබයි. දැනට පවතින හා කලින් පැවති සියළුම අනුවාදයන්හී සංයුක්ත තැටි අනුරු බාගත කර ගැනීම් සඳහා උබුන්ටු වෙබ් අඩවියේ පහසුකම් සපයා ඇත. මෙම මෙහෙයුම් පද්ධතිය සංයුක්ත තැටියකින් ස්ථාපනය කරගැනීම සඳහා අවම වශයෙන් 256 MiB ක සසම්භාවී ප්‍රවේශ මතකයක් අවශ්‍යවේ.

පරිශීලකයන් හට උබුන්ටු අනුරුවක්(.iso) බාගත කර සංයුක්ත තැටියකට හෝ DVD තැටියකට පිටපත් කරගත හැකිය. එසේ නොමැතිනම් පරිගණකයේ ස්ථිර මතකයේ සිට ක්‍රියාත්මක කළ හැකිය(UNetbootin හෝ GRUB ඔස්සේ). උබුන්ටු ARM, PowerPC, SPARC, සහ IA-64 වේදිකාවන් හිදීද පවතී. නමුත් නිල වශයෙන් සේවා සපයන්නේ ARM සඳහා පමණි.
කැනොනිකල් සමාගම විසින් කිසිදු අයකිරීමකින් තොරව‍, අවම වශයෙන් තැපැල් ගාස්තුවද නොගෙන ලොව බොහෝ රටවලට උබුන්ටු හා කුබුන්ටු සංයුක්ත තැටි බෙදාහරිනු ලබයි.(ShipIt නම් සේවාව ඔස්සේ).

ස්ථාපිත කරන ලද උබුන්ටු මෙහෙයුම් පද්ධතියට දැනටමයික්‍රොසොෆ්ට් ‍වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ පවත්නා පිටුසන, ඩෙස්ක්ටොප් පසුතල ඇතුළු විවිධාකාර සිටුවම් ලබාගැනීම සඳහා Migration උපකාරකය (2007 අප්‍රියල් මස හඳුන්වා දුන්) නම් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් උපාංගය භාවිතා කළ හැකිය.

BIOS හි වෙනස්කම් සිදුකිරීම මගින් උබුන්ටු හා කුබුන්ටු මෙහෙයුම් පද්ධති USB ෆ්ලෑෂ් ධාවකයයොදාගෙන ක්‍රියාත්මක කළ හැකිය. (ඒ සඳහා BIOS හි අදාල පහසුකම සපයා තිබිය යුතුය). USB මගින් ක්රිනයාත්මක කි‍රී‍මේ පහසුකම සහිත ඕනෑම පරිගණකයක උබුන්ටු ස්ථාපිත කිරී‍මකින් තොරව උබුන්ටු භාවිතා කිරීමේ හැකියාව එමගින් ලැබේ. උබුන්ටු මෙහෙයුම් පද්ධතියUSB ෆ්ලෑෂ් ධාවකයක ස්ථාපනය කිරීම සඳහා USB creator නම් නවතම වැඩසටහනක් උබුන්ටු නවතම අනුවාද වල පවතී.(සජීවී සංයුක්ත තැටියක් සහිතව හෝ රහිතව)
Wubi යනු සජීවී සංයුක්ත තැටිවල අඩංගුවන්නාවූ තවත් ‍විශේෂාංගයකි. මෙම විශේෂාංගය මගින් අතථ්‍ය වින්ඩෝස් loop device මත උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ක්‍රියාත්මක කරයි. (මෙය වින්ඩෝස් මෙහෙයුම් පැනලය) මගින් ක්‍රියාත්මකවන අනෙත් වින්ඩෝස් වැඩසටහන් මෙන් ක්‍රියාකරන විශාල අනුරුවක් මෙනි). මෙම ක්‍රමය භාවිතා කිරීමේදී වින්ඩෝස් පරිශීලකයාගේ ප්‍රධාන මතකයකොටස්වලට බෙදිය යුතු නැත. තවද Wubi භාවිතයේදී පරිශිලකයාගේ වින්ඩෝස් සිටුවම් උබුන්ටු වෙත ලබාගැනීම සඳහා Migration උපකාරකය යොදාගැ‍නීමේ හැකියාවද ලැබේ. එම ක්‍රමය වින්ඩෝස පරිශිලකයන් සඳහා පමණක් වන අතර කාර්යක්ෂමතාවයේ සුළු අඩුවීමක් ද දැකගත හැකිය.

 

Read Hat Inc _ Fedora Project 

විවෘත මෙහෙයුම් පද්ධති අතර උසස් තත්වයේ තිබෙන මෙහෙයුම් පද්ධතියක් ලෙසට ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතිය හදුන්වාදිය හැකිය. ලාකීය සමාජයේ වැඩි හරියක්ම උබුන්ටු මත පදනම් වූ පරිශීලකයන් සිටියත් ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතියද භාවිත කරන සෙසු පිරිසක්ද සීටි. මෙම මෙහයුම් පද්ධතිය මීට ඉස්සර නම් කර තිබුනේ Fedora Core ලෙසටය. මෙය RPM (File Format) මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියකි. නිදහස් මෘදුකාංග රාශියක් එකට එතතු කරමින් නිර්මාණය කර ඇති මෙම මෙහෙයුම් පද්ධතිය Linux Kernel මූලික කරගෙන නිර්මාණය කරල ලද්දකි. මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරනය සහ වැඩි දියුණු කිරීම සිදු කරගන්නේ Fedora Project සමගිනි. මෙය මුල් වරට ආරම්භ කරන ලද්දේ වර්ශ 2003 සැත්තැම්බර් මසායේදී. ඒ යටතේ නිර්මාණය කර ෆොඩෝරා මෙහෙයුම් පද්දතිය සදහා අනුග්‍රයහ දක්වන්නේ Red Hat Team එක විසිනි. එය ආරම්භ කරන තිබෙන්නේ වර්ශ 1993 දීය, දිගු කාලයක් පුරාවට Free And Open Source මෙහෙයුම් පද්ධතියක් ලෙසට මෙම මෙහයුම් පද්දතිය ඔබට අතට පද්ව තිබෙනවා. ඔවුන්ගේ මූලික පරමාථය අනුම පෙර දැරි කරගෙන නිමවන මෙහෙයුම් පද්ධතිය වර්ථමාණයෙහි ක්‍රියාකාරිත්වය සහ ජනප්‍රියතාවය අතරින් උසස් තත්වයකට පවත්ව තිබෙනවා. එය නිදහස් මෘදුකාංගම භාවිත කරන ඔබ අප කවුරුත් සතුටු විය යුතු කාරණයකි. වර්ථමාන ලෝකය මුදල් මත පදනම්ම විශාල තරගකාරීත්වයක් ඇතිව තිබෙනව මෙහොතක ඔවුන් විසින් ආරම්භ කර ඇති ක්‍රියාදාමට අකණ්ඩව කොකඩවා ඉදිරියටත් පවත්වා ගෙන යාම මත නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයෙහි දියුණු ඇති වෙමින් පවතී.

ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරමින් ඔවුන්ගේ මූලික පරමාර්ථය වන්නේ විවෘත සහ නිදහස් මෘදුකාංග දෙසට වැඩි අවධානයක් ලබා දීම පමනක් නෙවෙයි. මෙහෙයුම් පද්ධතියෙහි තාක්ෂණික පැතිකට උසස් තත්වකයකට ගෙන ඒමටද ඔහුන් ඇප කැප වීමෙන් ක්‍රියාකරනු ලබයි. මෙහෙයුම් පද්ධතියෙහි වැඩි දියුණු කිරීමේ නිරත වී සිටින (Developer) පිරිසගේ එකතුවෙන් මෙම නිර්මාණය කරනය සිදු කිරීමේදී ඔවුන්ගේ නිර්මාණ වල තිබෙන දෝෂ සහිත දැන් භාවිත කරන පුද්ගලයා හට දැනුවත් කර, එය නිවැරදි කිරීමේ අගනා ප්‍රතිපත්තියක් තිබෙන ඇත. මන්ද එහිදී User හට කිසිදු අපහසුවක් ඇති වීමට ඉඩක් නැහැ. යම් patch එකක් තිබුනොත් එය නිර්මාණ කරුවන් දන්සා සිටීමෙන් එහි නිවැරදි කරන ලද යාවත්කාලීන කිරීමට ඔවුන් ක්‍රියා කරයි. මෙය සෑම Linux මෙහෙයුම් පද්ධතියකට අදාලව සිදු කරන පොදු ක්‍රියාවලියකි.

Linux
නොවම මෙහෙයුම් පද්ධති සලකා බලන විට, Linux මෙහෙයුම් පද්ධති ගොන්නෙහි තිබෙන නවත් සුවිශේෂී ක්‍රියාවලියක් ලෙස හදුන්වා දිය හැක්කේ නව සංස්කරණයක් නිකුන් කිරීමට ලබාගන්නා කාලය. මෙය සිදු වන්නේ චක්‍රීය රටාවක් ආකාරයටකට. නව සංස්කරණයක් නිකුත් කිරීමෙන් අනතුරුව එහි Beta සංස්කරණය නිකුත් කිරීමෙන් අනතුරුව පරිශීලකයන් ලැබෙන යෝජනා, අදහස් සව නිවැරදි කිරීමේ සහිතව තම සංස්කරණයෙහි මූලික නිපැයුම නිකුත් කරනු ලබයි. මෙම නිකුත් කිරීමකින් අනතුරුව ඔවුන්ගේ මීලට සංස්කරණය නිර්මාණ ක්‍රියාවලියට අත ගසන ඔවුන් මාස 13 ක් වැඩි කෙටි කාලයක් ඇතුලදී මීලග සංස්කරණය ඉදිරිපත් කරනු ලබයි. මෙම ක්‍රියාවලිය නිසාවෙන් නව තාක්ෂණය අත්විදීමට ඔබ අපට ගත වන්නේ කෙටි කාලයකි. එහෙත් නෙකුත් මෙහෙයුම් පද්ධති සතු මෙම ක්‍රියාදාමට නොපවතී. ඔවුන් එක එක් සංස්කරණයන් නිකුත් කිරීමට ලබාගන්න කාලයට බෙහෙවින් වැඩිය. අය අසතුටට අරුණකි. මේ නිසාවෙන් Linux මෙහෙයුම් පද්ධති බාවිත කරන ඔබට පැණ නැගෙන ප්‍රශ්ණ බොහොමක් විසදීයෑම සිදුවේ. 

Unix-Like
මෙහෙයුම් පද්ධතියක් වන මෙය Red Hat Linux පාධක කරගෙන නිපැවෙන්නකි. වර්ෂ 2008 දී Linux Kernel නිපදවනු ලැබූ Linus Torvalds ප්‍රකාශ කර තිබෙන්නේ ඔහු විසින් Fedora මෙහෙයම් පද්ධතිය භාවිත කර ඇති බවයි. එයට හේතුව ලෙස, මෙය Power PC (Performance Optimization With Enhanced RISC – Performance Computing) Presessor එකක් සදහා හොදින් සහය දැක්වීමයි. Power PC එකක් ලෙස හදුන්වන්නේ බොහෝ විට IBM සමාගම යටතේ නිර්මාණය කරනු ලැමූ පරිගණකයකි. මෙහි තිබෙන විශේෂත්වයක් වන්නේ High-Performance Processors එකකින්  සමත්විත වීමයි. මෙය දැනට Power ISA යන නමින්ද හදුන්වයි.

DistroWatch
වාර්ථ අනුව Linux Base OS අතරින් තුන්වැනි තැන Fedora මෙහෙයුම් පද්ධතියට ලැබෙන බවත් Linux Mint සහ Ubuntu එයට ඉදිරියෙන් පවත්නා බවත්ය. ඒ වගේම බොහෝ දෙනෙක් බලන RPM-based Linux Distribution එක ලෙසද Fedora මෙහෙයුම් පද්දතියට හිමි

Red Hat Linux
නතර කර දැමීමෙන් පසු, Fedora ව්‍යාපෘතිය මුල් වරට ආරම්භ කරන ලද්දේ වර්ෂ 2003 අග භාගයේය. Red Hat Enterprise Linux යණු වාණිජමය පැතිකඩ සදහාම නිපද වූ විශේෂිත මෙහෙයුම් පද්ධතියකි. මෙහිම යම් කොටසක් ලෙසට Fedora මෙහෙයුම් පද්ධතිය නොමිලේ ලබාදීමට Fedora Project ලෙස මෙය ආරම්භ කරන ලදි.

ආරම්භයේදී Fedora Linux ලෙස නම් කරනු ලැබූ මෙය, මෙය ස්වෙච්චාවෙන් කරන ක්‍රියාවලියක් වන අතර, මෙය සදහා අවශ්‍ය අතිරේක මෘදුකාංග සහ Read Hat Linux හි අවේණික ගති ලක්ෂණ යොදාගතිනි.අරම්භයේදී මෙය අරමුණු කරන ඉලක්ක කර නිර්මාණය කිරීම ඇරබුණි. Non-Read Hat Linux සදහා අවශ්‍ය මෘදුකාංග පැකේජයන් පහසුවෙන් සොයා ගැනීම, වැඩි දියුණු කිරීම සහ භාවිතය වඩාත් පහසු විය. Fedora Linux සහ Read Hat Linux අතර වැඩි වෙනසක් නොතිබේ, එහෙත් මෙය ලෝකයා විසිත් තහවුරු කර යුතු මෙහෙයුම් පද්ධතියකි.

වර්ථමාණ වන විට දිගු අතීතයකින් පසුව Fedora 17 "Beefy Miracle" ඉදිරිපත් කර තිබෙනවා. මෙය මීට පෙර පැවති සංස්කරණයක් වැඩි දියුණු කරමින් නිර්මාය කර තිබෙනවා. පද්ධතියෙහි තිබෙන දෝශ සහිත තැන් නිවැරදි කරමින් නව තාක්ෂ්ණයට ඔබින ආකාරටය නිර්මාණය කරලීමද විශේෂත්යක් Linux මෙහෙයුම් පද්ධනි සමුදාය තුල දක්නට ලැබෙනවා.